ආසාදිත සංඛ්‍යාව ලක්ෂයක් වෙද්දී එංගලන්තයේ කොරෝනා නීති ඉවතට

218

එංගලන්තයේ ශීඝ‍්‍රයෙන් පැතිර ගිය ‘ඔමික්‍රෝන්’ වසංගතය උච්ජතම අවස්ථාවට පත්ව තිබීම හා දෛනිකව එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ බැසීම යන කරුණු සැලකිල්ලට ගෙන පොදු ස්ථානවලට පිවිසීමේදී මුහුණු ආවරණයක් (ෆේස් මාස්ක්) පැළඳීම ඇතුළු රට තුළ ක‍්‍රියාත්මක කර ඇති සියලූ කොරෝනා මර්දන නීති රීති ලබන බ‍්‍රහස්පතින්දා සිට ඉවත් කෙරෙන බව එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් විසින් නිවේදනය කර තිබේ.

මේ අනුව ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදයට එරෙහිව සෙසු යුරෝපා රටවල් ඇතුළු ලොව පුරා රටවල් දැඩි සීමාවන් පනවමින් තිබියදී එංගලන්ත අගමැති ජොන්සන් විසින් පොදු ස්ථානවලට පිවිසීමේදී මහජනතාව විසින් මුහුණු ආවරණයක් පැළඳීම හා කොරෝනා එන්නත්කරණ කාඞ්පත ඉදිරිපත් කිරීම ඇතුළු නීතියෙන් අනිවාර්ය කර තිබූ කොරෝනා මර්දන නීති රීති ඉවත් කරන බව නිවේදනය කර තිබේ. එංගලන්තයේ ක‍්‍රියාත්මක වූ කොරෝනා එන්නතේ තුන්වැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් මාත‍්‍රාව ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක‍්‍රියාත්මක වීම හා දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වුවද ඒ හා සමානව රෝහල්ගත කෙරෙන හා මිය යන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි නොවීම යන කරුණු සැලකිල්ලට ගෙන නීතියෙන් අනිවාර්ය කර තිබූ කොරෝනා මර්දන නීති රීති ඉවත් කිරීමට තීරණය කළ බව එංගලන්ත අගමැතිවරයා පවසයි. මේ අතර එංගලන්ත රජයේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට විද්‍යාඥයන් පෙන්වා දෙනුයේ ජනතාවට එකවර සාමාන්‍ය හැසිරීම් රටාවට යෑමට අවස්ථාව ලබා දීමෙන් නැවත වරක් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ නැගීමේ අවදානමක් පවතින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment