ආසියානු අනුශූර ශ‍්‍රී ලංකාව ලෝක කුසලානයට

283

වයස අවුරුදු 19න් පහළ ආසියානු ක‍්‍රිකට් තරගාවලියේ අනුශූරයන් වූ ශ‍්‍රී ලංකා 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඩුබායි සිට ඊයේ (02 වෙනිදා) බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව ගියේය.

දුනිත් වෙල්ලාලගේගේ  නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයට ක‍්‍රීඩකයන් දාහත් දෙනකු ඇතුළත් වේ. කණ්ඩායමේ උප නායකයා ලෙස රවින් ද සිල්වා පත් කර ඇත. යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ‘‘ඞී” කාණ්ඩයෙන් තරග වදින අතර ස්කොට්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය එම කාණ්ඩය යටතේ තරග වදින අනෙක් කණ්ඩායම් වේ.

තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 14 වැනිදා ස්කොට්ලන්තය සමග එවරස්ට් ක‍්‍රිකට් සමාජ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 31 වැනිදා ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගයේ දී ශ‍්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ඒ අනුව ශ‍්‍රී ලංකාව එහි අනුශූරයන් බවට පත්වූයේය. අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකින් පසුව පකිස්ථානය පරාජය කළ ශ‍්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගය ස`දහා සුදුසුකම් ලබා ගත්තේය. නේපාලය සහ කුවේට් කණ්ඩායම පහසුවෙන් පරාජය කළ ශ‍්‍රී ලංකාව අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර බංග්ලාදේශය සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එම ක‍්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ‍්‍රී ලංකා යෞවන කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට නොපැමිණ ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව ගියේය. එම තරගාවලියේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නායක දුනිත් වෙල්ලාලගේ, චමි`දු වික‍්‍රමසිංහ, ෂෙවොන් ඩැනියෙල්, පවන් පතිරාජ, ට‍්‍රවේන් මැතිව්, මතීෂ පතිරණ, යසිරු රොද්‍රිගු, සදීෂ රාජපක්ෂ යන ක‍්‍රීඩකයෝ හොඳින් දක්ෂතා දැක්වූහ.

ශ‍්‍රී ලංකා සංචිතය පහත දැක්වේ.

දුනිත් වෙල්ලාලගේ (නායක), චමි`දු වික‍්‍රමසිංහ, විනුජ රන්පුල්, සකුන ලියනගේ, අභිෂේක් ලියනආරච්චි, සදීෂ් ජයවර්ධන, ෂෙවොන් ඩැනියෙල්, අන්ජල බණ්ඩාර, පවන් පතිරාජ, සදිස රාජපක්ෂ, වනුජ සහන් කුමාර, රවීන් ද සිල්වා, රනුද සෝමරත්න, මල්ෂ තරුපති, ට‍්‍රවේන් මැතිව්, යසිරු රොද්‍රිගු සහ මතීෂ පතිරණ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment