ආසියානු ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩකයන් තෝරාගැනීම මාර්තු 10 සහ 11

371

මීළඟ ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ දෙවන පරීක්ෂණය මාර්තු මස 10 සහ 11 යන දෙදිනයන්හි කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

ජවන හා පිටිය තරග ඉසව් 36 ක් සඳහා සුදුස්සන් තෝරා ගැනීම උදෙසා දෙවන පරීක්ෂණය පැවැත්වෙන අතර ඒ සඳහා ඉල්ලූම් පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.

මීටර් 100 (පිරිමි සහ කාන්තා), මීටර් 200 (පිරිමි සහ කාන්තා), මීටර් 400 (පිරිමි සහ කාන්තා), මීටර් 800 (පිරිමි සහ කාන්තා), මීටර් 1,500 (පිරිමි සහ කාන්තා) මීටර් 5,000 (පිරිමි සහ කාන්තා), මීටර් 10,000 (පිරිමි සහ කාන්තා) මීටර් 110 කඩුලූ මතින් දිවීම (පිරිමි)

මීටර් 100 කඩුලූ මතින් දිවීම (කාන්තා), මීටර් 3,000 බාධක දිවීම (පිරිමි සහ කාන්තා) දුර පැනීම (පිරිමි සහ කාන්තා),

රිටි පැනීම (පිරිමි සහ කාන්තා),

දුර පැනීම (පිරිමි සහ කාන්තා),

තුන් පිම්ම (පිරිමි සහ කාන්තා),

යගුලිය දැමීම (පිරිමි සහ කාන්තා),

කවපෙත්ත විසි කිරීම (පිරිමි සහ කාන්තා), මිටිය විසි කිරීම (පිරිමි සහ කාන්තා), හෙල්ල විසි කිරීම (පිරිමි සහ කාන්තා) යන ඉසව් ආශ‍්‍රිතව දක්ෂතා ප‍්‍රදර්ශනය කර ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්හට මාර්තු මස 02 දින දක්වා අයැදුම්පත් යොමු කළ හැකිය.

සියලූම අයැදුම්පත් ලේකම්, ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ආයතනය, අංක 33, නිදහස් මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතු වේ.

ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගි වී ඇති ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළුව මෙරට ජාතික මට්ටමේ කැපී පෙනෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුසකට සහභාගි වීමට හැකි වන පරිදි මෙම තෝරා ගැනීමේ පරීක්ෂණය සංවිධානය කර තිබේ.

රට තුළ පවතින කොවිඞ් – 19 වෛරසයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙවන තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා ද සහභාගි කරවා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව සීමා කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 10 සිට 25 දක්වා චීනයේ දී පැවැත්වීමට ආසියානු ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. ආසන්නතම ආසියානු ක‍්‍රීඩා උළෙල 2018 වසරේ අගෝස්තු මස ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැති අතර එහිදී එකදු පදක්කමකින් හෝ සෑහීමට පත් වන්නට ශ‍්‍රී ලංකාවට නොහැකි වීම කැපී පෙනුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment