ආසියානු කුසලානයේ සත්කාරකත්වය  ශ‍්‍රී ලංකාවට

201

ආසියානු කළාපයේ රටවල් අතර දක්ෂතා මැන බැලෙන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට මෙවර තීරණය කර තිබේ. ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය පසුගියදා (19 වැනිදා) නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි අතර මෙවර තරගාවලිය පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියක් මෙවර ක‍්‍රියාත්මක වන්නේ වසර හතරකට පසුව වෙයි. එහි පුහුණුවීම් තරග ලබන අගෝස්තු මස 20 වැනිදා සිට ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැුස්වීම මෙවර කොළඹදී පැවැත්විණි. ඒ අනුව ඉන්දීය ජාතික ජේ ෂා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම වාර්ෂික මහ සභා රැුස්වීමේදී ඉදිරි 2024 වසරේ පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා

රැුස්වීම දක්වා වූ කාලසීමාවේදී ද ඒ මහතාම කටයුතු කරනු ලබනු බව එම කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළත් වත්මන් විධායක කමිටුවද 2024 දක්වා ජේ ෂා මහතා සමඟ කටයුතු කරනු ඇත.

ඉදිරි කාලය ඇතුළත ආසියානු කලාපයේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාව නඟාසිටුවීම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිත බව එම සභාව ඇමතූ සභාපති ජේ ෂා මහතා සඳහන් කර සිටියේය. එහදී ආසියානු කලාපීය තරගාවලියක් පැවැත්වීම සඳහා වැඩි උනන්දුවක් ගනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර 2000 වසරේ සිටම ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සම සාමාජිකයකු ලෙසින් සිටි කටාර් රාජ්‍යයටද මේ වසරේ සිට ආසියානු ක‍්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය ලබාදීම ද මෙහිදී සිදුවිය.

ආසියාවේ ප‍්‍රබලම රටවල් වන ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ක‍්‍රිකට් පාලක මණ්ඩල නියෝජනය කරමින් මෙම වාර්ෂික මහ සභා රැුස්වීමට සහභාගිවූ අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා සහභාගිවිය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment