ආසියානු කුසලානයේ සත්කාරකත්වය වැට උඩ?

165

පැවැත්වීමට නියමිත ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට හැකිද යන්න තීරණය කිරීමට තවදුරටත් කල් අවශ්‍ය බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ශාහ් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික පසුබෑම සහ අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් අදාළ තීරණය ලබා දීම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වනතෙක් කල් දැමීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

 ආසියානු කුසලාන පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට මෙරට තුළ උද්ගතවී ඇති ආර්ථීක සහ අර්බුධකාරී තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති ආකාරය පිළිබඳ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග යළි සාකච්ඡා කළ යුතුව ඇතැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටී.

 විදෙස් මාධ්‍යයකට අදහස් දක්වමින් සභාපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කර ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පැමිණීමෙන් අනතුරුව මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment