ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දීමෙන් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කර තිබෙන්නේ බරපතළ වරදක්

538

පා. ම. නලින් බණ්ඩාර (සජබ)

ඩොලර් මිලියන 69ක් පමණ රට තුළට එන එක නැවතුණා

සංචාරක කර්මාන්තය නංවන්න තිබූ හොඳ අවස්ථාවක්

අපේ රට ෆේල් කියනවා වෙනුවට හොඳ රටක් කියන පණිවුඩය ලෝකයට පෙන්නන්න තිබුණා


ආසියානු කුසලානය මෙරට තුළ පැවැත්වීමට තිබූ අවස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට භාර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කර ඇත්තේ බරපතළ වරදක් බවත් ඒ සම්බන්ධව ක්‍රීඩා ඇමැතිවරයාවත් හරියට දැනුවත් කර නැතැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ඊයේ (10 දා) මා පාර්ලිමේන්තුව කර හෙළිදරව්වක් සම්බන්ධය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කර තියෙනවා. මම කතා කළේ අපේ රටට හිමි වෙන්න තිබුණු ආසියානු කුසලානය රටට අහිමි වීම පිළිබඳවයි. ආසියානු කුසලානය අපේ රටට ගේන්න තිබුණ අවස්ථාව මඟ හැරිලා ගියේ කාගේ වරදින්ද. ඒකයි මගේ ප්‍රශ්නය වුණ සහ එයට හේතු වුණු කාරණාව ඒ ගැන මාධ්‍ය නිවේදනයේ සඳහන් කරලා නැහැ. මා දන්නවා ඒ තීන්දුව ගන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සලය බව. හැබැයි ආසියානු ක්‍රිකට් කවුන්සලයට මේ පිළිබඳව සාකච්ඡා කරලා ප්‍රශ්නය අවබෝධ කරගෙන ඒ පිළිබඳව යම්කිසි වැරදි මතයක ඉන්නවා නම් එය නිවැරදි කරගෙන ආසියානු කුසලානය රට තුළට ගෙන ඒම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම වෙන්න ඕන.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළේ බලධාරීන්ගෙන් තමයි ප්‍රශ්නය ඇහුවේ. ලෝක කුසලානයට යන්න කලින් අපේ ක්‍රීඩකයන්ට තිබුණු මහඟු අවස්ථාවක් තමයි මෙය. ඉන්දියාව පාකිස්තානය වැනි ප්‍රබල එක්දින කණ්ඩායම් එක්ක අපේ රටේ නරඹන්නන් ඉදිරියේ ක්‍රීඩා කරලා ජයග්‍රාහී මානසිකත්වය ගොඩනඟා ගන්න පුලුවන් වුණානම් ක්‍රීඩකයන්ට මෙය වටිනා අවස්ථාවක් වෙනවා. අපි දන්නවා ක්‍රීඩකයන්ට යම් කලකිරීම් කිරීම් සහ ගෙවීම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන කතා කරන්නේ නැහැ.

මම දන්නේ නැහැ අඩුම ගානේ මෙහෙම ප්‍රශ්නයක් ආවම බලධාරීන් ක්‍රීඩා ඇමතිවරයාවත් දැනුවත් කරාද කියන කාරණය. ඊයේ මම මේ ප්‍රශ්නය ඇහුවෙ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් එකට වඩා උඩින් තියෙන්නේ. පාර්ලිමේන්තුවෙන් ඒ ප්‍රශ්නය ඇහුවම ඒකට උත්තර දෙන්න ඕන ක්‍රීඩා ඇමතිවරයා. එම ඇමතිවරයාගෙන්වත් අහලද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය නිකුත් කළේ.

අපිට ආසියානු කුසලානය කලින් සැලසුම් කරලා තිබුණේ 2020 වසරේ. නමුත් කෝවිඩ් නිසා එයා අවලංගු වුණා. 2022 මාර්තු 19 තමයි ආසියානු කුසලානය මෙවර සැලසුම් කළේ. 2020 මාර්තු 19 වන විට අපේ රටේ පැය හතරක් විදුලිය කැපෙනවා. ඉන්ධන පෝලිම් තිබුණා. ප්‍රවාහන ප්‍රශ්න තිබුණා. ඒ තියෙද්දී තමයි ආසියානු ක්‍රිකට් එක මාර්තු 19 මේ අවුරුද්දේ තීන්දු කළේ ආසියානු කුසලානය තියන්න සුදුසුයි කියලා . මේ මෑතක් වෙනකන් ඒ තීන්දුවේ ඉඳලා එකපාරටම ආසියානු කුසලානය එලියට අරන් යන්න තීන්දු කළේ කුමන කරුණු ද කියන එක පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා සිපෙට්කෝ එක සීඊබී එක පසුගිය කුසලාන දෙක ඕස්ටේ්‍රලියානු සංචාරය, පකිස්තානු සංචාරය තිබුණා. ඒ දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ අවශ්‍යතාව අනුව ඉන්ධන ටික ලබා දුන්නා. අඅවශ්‍ය විදුලිබල මණ්ඩලය ජෙනරේටර් සහ විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු කළා. එහි අඩු පාඩුවක් සිදු වුණේ නෑ. අපි දන්නේ නෑ ආසියානු කුසලානය ඊට වඩා ප්‍රමාණාත්මකව වැඩි අවශ්‍යතාවන් ඒ පිළිබඳව සිපෙට්කෝ එක හරි සීඊබී එක හරි එක්ක කතා කරා ද කියන ප්‍රශ්නය අහනවා.

අපි දන්නවා ඒගොල්ලො ඩොලර් ගෙනල්ලා අපේ රටට උදව් කරන ආයතනයක් විදිහට තමයි මේ ප්‍රශ්නය නගන්නේ. අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් අපේ රටට ඩොලර් ගෙන ස්ථානයක්. ඒ හින්දම තමයි අපි මේ ප්‍රශ්නය ඇහුවේ. ඒ ඩොලර් ගේන්න පුළුවන් තැනෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් රටට ගේනවා වෙනුවට සොච්චම් ඩොලර් ප්‍රමාණයක් රටට ගෙන්න ආසියානු කුසලානය ඩුබායිවලට එක්සත් අරාබි එමීර් රාජයට යන්න කටයුතු කළ හේතුව මොකක්ද?

මගේ ප්‍රකාශයෙන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොච්චර කලබල වෙලා ද කියනවා නම් ඊයේ කතාවේදී කිව්වා රදපප පසටයඑ ලක්ෂයක් විතර පාවිච්චි වෙනවා කියලා මේ සංචාරයට. ඒකෙන් කියන්නෙ නෑ නරඹන්නන් ලක්ෂයක් එනවා කියලා. නරඹන්නෝ තිස්දාහක් ඇවිත් දවස් දෙකක් හිටියොත් නයිට් හැටදාහක් එහෙමයි හදන්නේ. ඒ අය කිව්වා ලක්ෂ ගණන් නරඹන්න එනවා පිටරටින් කියන කාරණය සාවද්‍යයි කියලා. එහෙම වෙන්නේ නෑ. නමුත් මම එහෙම කිව්වෙ නෑ. මම කිව්වේ රදදප බසටයඑ ලක්ෂයක් පිළිබඳව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම කියනවා එයාලට තියෙන ක්‍රීඩාංගණවල 35000යි දාන්න පුළුවන් කියා.

එහිදී නරඹන්නන් තිස්දාහක් එනවනම් එයාර් ටිකට්වලට විතරක් ඩොලර් මිලියන 15ක් ටිකට් වලින් එනවා. එය ීරසක්බන්බ ්සරකසබැ එකෙන් එනව වෙන්න පුළුවන් වෙන එයාර් ලයින් එකකින් ආවත් අපේ රටේ එයාපෝට් ගාස්තු බැලුවම යම් ප්‍රමාණයක් රට තුළට එනවා. එහිදී ටිකට්වලින් විතරක් ඩොලර් මිලියන 15ක් එනවා. එතකොට ්ඩැර්ටැ වියදම විදිහට එක පුද්ගලයෙකුගේ සංචාරක මණ්ඩලය කියන්නේ ඩොලර් 1800 ක් වියදම් කරන ප්‍රමාණය. එහෙම බැලුවම ්ඩැර්ටැ වියදමත් එක්ක බලන විට ඩොලර් මිලියන 54ක් ටිකට් සහ ්ජජදපපදා්එසදබ වලට වියදම් කරනවා මෙහි සම්පූර්ණ එකතුව ගත්තම ඩොලර් මිලියන 69ක් විතර රට තුළට එනවා. ඒව සේරම රටට ලැබෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. රට තුළට එනවා. ඒ නිසා තමයි ඩොලර් මිලියන 50 ක් විදියට මම සඳහන් කළේ. ඒ නිසා මේකට ක්‍රිකට් බෝඩ් එක මට හිනාවෙලා හරියන්නේ නෑ. මේක තමයි ඇත්ත දත්ත. විශේෂයෙන්ම ඊට වඩා අපිට වටිනා දෙයක් ලැබෙනවා. මොකද අපේ සංචාරක කර්මාන්තය ලෙල්ලටම කඩාගෙන වැටිලා. ඒකට ලොකු පිබිදීමක් ඇති කරන්න පුළුවන්. අපේ හෝටල් ටික පිරෙනවා. එන සංචාරකයන්ට හොඳ පණිවිඩයක් පිටරට යනවා. අපේ රට ෆේල් රටක් විදියට නෙමෙයි තියෙන්නෙ හොඳ රටක් කියන ඒක ලෝකෙට පෙන්නන්න අවස්ථාවක්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment