ආසියානු කුසලාන තරග බිම ගැන තීරණය හෙට

233

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කුමන රටකද හෝ කුමන රටවලද හෝ යන්න හෙට (28 වැනිදා ) තීරණය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර එම අවස්ථාවට බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නියෝජනය කරන නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර ඒ අනුව අදාළ රටවල ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කර තරඟාවලිය පවත්වන්නේ කුමන රටවල ද යන්න හෙට තීරණය කරනු ඇත.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නියමිත වුවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග වැදීමට ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් මත තරගාවලිය පවත්වන්නේ කුමන රටකද යන්න පිළිබඳව විවිධ මතවාද පළ විය. එහිදී පකිස්ථානය විසින් දෙමුහුන් තරග සැලැස්මක් එනම් තරඟ කීපයක් පකිස්තානයේ සහ තවත් තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ද යෝජනා කර තිබුණි.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති අතර ආසියානු කලාපීය ක්‍රිකට් බලධාරීහු අද ඒ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන බව අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment