ආසියානු කුසලාන යොවුන් කි‍්‍රකට් තරගාවලිය: පන්දු යවන්නෝ ශ‍්‍රී ලංකාව අවසන් තරගයට රැගෙන යති

366

අවසන් මහා තරගයේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිවාදියා ඉන්දියාව

ආසියානු කුසලාන යොවුන් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙසින් පකිස්තානය සමග ඊයේ (30 දා) පැවැති තරගයෙන් ලකුණු 22ක තියුණු ජයග‍්‍රහණයක් ලැබූ ශී‍්‍ර ලංකා යෞවනයෝ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

ලකුණු 147ක් වූ සිය කුඩා ලකුණු ප‍්‍රමාණය ආරක්‍ෂා කර ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැක්වූ දක්‍ෂතා මෙහිදී කැපී පෙනුණ අතර එම දක්‍ෂතා හමුවේ පකිස්තාන 19න් පහළ කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.

පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ දඟපන්දු යවන කී‍්‍රඩක ටෙ‍්‍රවීන් මැතිව් සිය පන්දුවාර 10 ලකුණු 14කට සීමා කරමින් ප‍්‍රතිවාදී කඩුලූ 4ක් බිඳ දැමුවේය. ශී‍්‍ර ලංකාවට තර්ජනයක් වෙමින් පකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු රැුස්කළ අහමඞ් ඛාන්ගේ කඩුල්ල සහ අවසන් කඩුල්ල ද ඇතුළුව කඩුලූ 3ක් දවා ගැනීමට නායක දුනිත් වෙල්ලාලගේ සමත් වූවේය.

රවින්ද සිල්වා, ෂෙවොන් ඩැනියෙල් සහ මතීෂ පතිරණ ටෙ‍්‍රවින්්ට සහ දුනිත්ට සහාය වෙමින් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියලූ කී‍්‍රඩකයන් පන්දුවාර 44.5ක් තුළදී ලකුණු 147කට දවා ගැනීමට පකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. ශී‍්‍ර ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු

රැුස්කළ පිතිකරුවන් වූයේ අංක 9 සහ අංක 10 පිතිකරුවන් ලෙස පිටියට පැමිණි යසිරු රොද්‍රිගු සහ මතීෂ පතිරණය. නායක දුනිත් වෙල්ලාලගේ ශී‍්‍ර ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස ලකුණු 70- දී දැවී යෑමෙන් පසු පිටියට පැමිණි යසිරු රොද්‍රිගු පන්දු 81ක් තුළ සිය කඩුල්ල ආරක්‍ෂා කර `ගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම අවසන් වන තුරු පිටියේ රැුඳී සිටියේය.

මතීෂ පතිරණ සහ යසිරු රොද්‍රිගු අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සම්බන්ධතාවයක් පැවති අතර අවසන් පිතිකරු ලෙස පිටියට පැමිණි ටෙ‍්‍රවීන් මැතිව් සමග ද ලකුණු 30ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට යසිරු රොද්‍රිගු සමත් වූවේය.

ශී‍්‍ර ලංකා ඉනිමේ හරි අඩකට වඩා ලකුණු වාර්තා වූයේ අංක 09, අංක 10 සහ අංක 11 පිතිකරුවන් අතර 09 වැනි සහ 10 වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 77 (47+30) සම්බන්ධතාවයන් මගිනි.

මතීෂ පතිරණ එහිදී හතරේ පහර 5ක් වාර්තා කළ අතර යසිරු රොද්‍රිගු සිය ඉනිමට එක් හතරේ පහරක් හෝ එක් නොකිරීම ද විශේෂ කරුණකි. මුල් පෙළ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 13ක් ලැබූ අංජල බණ්ඩාරය.

ශී‍්‍ර ලංකා ඉනිමට තර්ජනයක් වූ සීෂාන් සමීර් කඩුලූ 4ක් ද, අහමඞ් ඛාන් සහ අවයිස් අලි කඩුලූ 2 බැගින්ද දවා ගත්හ.

ලකුණු 148ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි පකිස්තාන ඉනිමේ මුල් කඩුලූ 3 ලකුණු 10ක් තුළ දවා ගැනීමට ටෙ‍්‍රවින් මැතිව් සමත් වූ අතර ලකුණු 36ක් ලබාගත් අහමඞ් ඛාන්ට පසුව වැඩිම ලකුණු ලබා ගත්තේ මුහම්මද් ෂෙෂාඞ්ය. ඔහු ලකුණු 30ක් ලබාගත් අතර පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 6කට අඩුවෙන් දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශී‍්‍ර ලංකාව අද (31 දා) අවසන් මහා තරගයේදී ඉන්දියාව මුණගැසීමට නියමිත අතර අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය ලකුණු 103කින් පරාජයකර ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේය.

ඉන්දියාව එහිදී පළමුව පන්දුවට පහරදී ලකුණු 243ක් ලබාගත් අතර බංග්ලාදේශයට ලබාගත හැකි වූයේ ලකුණු 140ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් ෂයිඞ් රෂීඞ් ලකුණු 90ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වීය.

ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 11ට ඩුබායි කී‍්‍රඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතය.

ලකුණු සාරාංශය

ශී‍්‍ර ලංකාව සියලූ දෙනා දැවී ලකුණු

147 යි (44.5)

මතීෂ පතිරණ 31, යසිරු රොද්‍රිගු නොදැවී 31

පන්දු යැවීම සීෂාන් සමීර් 32.4

පකිස්තානය සියලූ දෙනා දැවී 125යි (49.3) අහමඞ් ඛාන් 36, මුහම්මඞ් ෂෙෂාඞ් 30,

පන්දු යැවීම ටෙ‍්‍රවින් මැතිව් 14-4, දුනිත් වෙල්ලාලගේ 31-3

advertistmentadvertistment
advertistmentadvertistment