ආසියානු කුසලාන සටනේ ශ්‍රී ලංකා පළමු තරගය ඇෆ්ගනිස්තානය සමග

398

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ලබන 27 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබේ.

ආසියානු කුසලාන සටනේ ශ්‍රී ලංකා පළමු තරගය ඇෆ්ගනිස්තානය සමග



 තරගාවලිය සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ඩුබායි සහ සජානුවර කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. එහිදී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරගවදින අතර ඊට ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ඇතුළත්ව සිටී. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය සහ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබේ. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ කුවේට් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

 කාණ්ඩ දෙකෙන් පළමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට ඇතුළත් වන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

 මෙවර තරගාවලිය පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment