ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු ශූරතාවට ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් කරයි

189

ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නම් කර ඇති අතර එයට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 09 කි.

මෙවර කණ්ඩායම ක‍්‍රීඩකයන් 05 දෙනකුගෙන් සහ ක‍්‍රීඩිකාවන් 04 දෙනකුගෙන් සමන්විත වේ.

මෙම කණ්ඩායමේ නායකත්වයට චමීර ගිනිගේ නම් කර ඇති අතර නායිකාව ලෙස නම් කර ඇත්තේ ඉෂාරා මධුරංගී ය.

නායකත්වයට පත් කර ඇති චමීර ගිනිගේ සහ ඉෂාරා මධුරංගී දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව පදක්කම් ලාභීන් වෙති.

නිමේෂ් රංචාගොඩ, ඉමන්ත උදයංජය, මුතුමාලී ප‍්‍රියදර්ශනී සහ තනුෂී රුද්‍රිගෝ යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පළමු වරට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියට එක්ව සිටීම කැපී පෙනෙන්නකී.

මෙම තරග සංචාරයේදී පුහුණුකරු ලෙස චතුර දුෂාන් ද සිල්වා මහතා කටයුතු කරයි.

25 වැනි ආසියානු ශුරතා ජ්‍යෙෂ්ඨ මේස පන්දු තරගාවලිය මෙම මස 28 සිට ඔක්තෝබර් 05 දක්වා කටාර් දේශයේ දෝහා නගරයේ පිහිටි ලූසේල් ක‍්‍රීඩා සංකීර්ණ පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකාව මේස පන්දු සම්මේලනය පියවර ගෙන තිබීම කැපී පෙනේ.

ජාතික මේස පන්දු කණ්ඩායමට නම් කර ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පහත දැක්වේ.

චමීර ගිනිගේ (නායක), සෙනුර සිල්වා, මිලින්ද ලක්ෂිත, නිමේෂ් රංචාගොඩ, ඉමන්ත උදයංජය, ඉෂාරා මධුරංගි (නායිකාව) බිමන්දී බණ්ඩාර, මුතුමාලී ප‍්‍රියදර්ශනී සහ තනුෂී රුද්‍රිගෝ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment