ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු පුහුණු සංචිතයට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 09 දෙනෙක්

179

ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියට සහභාගී කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණ ඇතිව පිහිටු වන ලද පුහුණු සංචිතය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 දෙනෙකු කැඳවා තිබේ.

එයට ක‍්‍රීඩකයින් 05 දෙනෙකු සහ ක‍්‍රීඩිකාවන් 04 දෙනෙකු අයත් වෙති.

25 වැනි ආසියානු ශුරතා ජ්‍යෙෂ්ඨ මේස පන්දු තරගාවලිය මෙම මස 28 සිට ඔක්තෝබර් 05 දක්වා දෝහා කටාර් හිදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකාව මේස පන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාතික සංචිතයෙහි පුහුණුවීම් සඳහා කැඳවා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පහත දැක්වේ.

චමීර ගිනිගේ, සෙනුර සිල්වා, මිලින්ද ලක්ෂිත, නිමේෂ් රංචාගොඩ, ඉමන්ත උදයංජය, ඉෂාරා මධුරංගි,

බිමන්දී බණ්ඩාර, මුතුමාලී ප‍්‍රියදර්ශනී සහ තනුෂී රුද්‍රිගෝ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment