ආසියානු පදක්කම් දිනූ බොක්සිං ශූරියෝ දිවයිනට

233

උස්බෙකිස්තානයේ පැවති ආසියානු යොවුන් බොක්සිං ශූරතා තරගාවලිය – 2022 සදහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඊයේ (31 වැනිදා) දිවයින වෙත පැමිණියේය.

ආසියානු පදක්කම් දිනූ බොක්සිං ශූරියෝ දිවයිනට

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 6 දෙනකු ආසියානු යොවුන් බොක්සිං ශූරතා තරගාවලිය සඳහා සහභාගි වූ අතර එහිදී ප්ලයිවේට් බර පංතිය යටතේ තරග වැදුන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකා උත්පලා සෙව්වන්දි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය ඉංගිරිය ප්ලෙක්සි කෙයාර් බොක්සිං සමාජය නියෝජනය කරන ක‍්‍රීඩිකාවකි.

මීට අමතරව බැන්ටම්වේට් බර පංතිය යටතේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු පී.ඒ.අයි.මල්ෂානි එහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඇය නාරන්දෙනිය බොක්සිං ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ක‍්‍රීඩිකාවකි.

මෙම ජයග‍්‍රාහී ක‍්‍රීඩිකාවන් ඇතුළු අනෙකුත් ශ‍්‍රී ලාංකික බොක්සිං ක‍්‍රීඩකයන් පිරිස ඊයේ දින අලූ‍යම 12.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment