ආසියානු පාපන්දු සම්මේලන කුසලානයට යන ශ‍්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායමට කටාර්හිදී පුහුණුවක්

147

ඉදිරියේදී ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු පාපන්දු සම්මේලන කුසලාන වයස අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක‍්‍රීඩකයන් 33 දෙනකුගෙන් සැදුම්ලත් සංචිතයක් කැඳවා තිබේ.

මෙම සංචිතයට අයත් ක‍්‍රීඩකයන් සඳහා වැඩිදුර පුහුණුව කටාර් දේශයේ දී ලබා දීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇති අතර එහිදී පෙරහුරු තරග කිහිපයකට ද එක්වීමට නියමිතය. ඒ ස`දහා දිවයිනෙන් පිටත් වීම තව නොබෝ දිනකින් සිදු කෙරේ.

මෙවර ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මස 25 සිට 31 දින දක්වා රටවල් 12 ක සහභාගිත්වයෙන් කටාර් දේශයේ දෝහා අගනුවර දී පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

හිටපු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රීඩක මොහොමඞ් අමනුල්ලා මහතා මෙවර ශ‍්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබේ.

සහාය පුහුණුකරු ලෙස මොහොමඞ් ජෙස්මින් මහතා ද දැල රකින්නන්ගේ පුහුණුකරු ලෙස සමන් දයාවංශ මහතා ද අභ්‍යාසක හා ශාරීරික යෝග්‍යතාව පුහුණුකරු ලෙස බ‍්‍රසීල ජාතික මාකෝස් පෙරෙයිරා මහතා ද ක‍්‍රීඩක පුහුණුව සඳහා එක්ව සිටී.

කළමනාකරු ලෙස ඉරාන් රත්නායක මහතා කටයුතු කරයි.

ශ‍්‍රී ලංකා ජාතික කනිෂ්ඨ පාපන්දු පුහුණු සංචිතය

නුවන් ගිම්හාන, මුහමඞ් මූෂීඞ්, මුහමඞ් ෂකීර්, උදයංග පෙරේරා,

අබ්දූල් බාසිත්, හසික නවෝද, අවිශ්ක කවිඳු, පැතුම් විමුක්ති, ධනංජය ද සිල්වා, බදුර්න්ඞී තස්ලීම්, වර්ධරාජා ජැක්සන්, මොහොමඞ් මුස්ෆීර්, මරියනේසන් වීරසාන්ත්, ගිහාන් චතුරංග ප‍්‍රනාන්දු, රුමේෂ් මෙන්ඩිස්,

මොහොමඞ් අමාන්, ශිෂාන් ප‍්‍රබුද්ධ, අවිශ්ක දේශාන්, චතුර ලක්ෂාන් ධනංජය, රාසා රූමී, යුවරාසා තිනුශාන්, මොහොමඞ් කුර්ෂීත්, සසංග ඩිල්හාර, කන්නන් ධනුෂාන්, බ‍්‍රයන් වීරප්පුලි, ඩැනියෙල් මැග‍්‍රාත් ගෝමස්,

මොහොමඞ් ආකීබ්, රිෆ්කාන් මොහොමඞ්, අසේල මධුෂාන්, සෙනාල් සංදේශ්, ෂබීර් රසූනියා, මුහමඞ් සජීඞ්, කවින් සුචරිත්.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment