ආසියානු යොවුන් කුසලාන අවසන් පූර්ව තරග අද

208

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (30 වැනිදා) පැවැත්වේ. එ් අනුව එහිදී ශී‍්‍ර ලංකාව සමගින් පාකිස්තාන කණ්ඩායමත් ඉන්දියාව සමගින් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමත් අවසන් මහා තරග වරම් සොයා අද පිටියට පිවිසීමට නියමිතය.

 මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි අතර පාකිස්තාන කණ්ඩායම ‘එ්’ කාණ්ඩයෙන් අපරාජිතව අවසන් පූර්ව තරගයට පිවිසියේය.

 ශී‍්‍ර ලංකාව සමගින් පෙරේදා පැවැති තරගය කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් අතහැර දැමීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ද අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදී ඔවුන් ‘එ්’ කාණ්ඩයෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ඉන්දීය කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.

 ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.00ට ඩුබායිහිදී ආරම්භ වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.00ට සාජාහිදී ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment