ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි සහ ජයේෂි පදක්කම් දිනති

195

ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවේ මීටර් 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට ජයග්‍රහනය කර දීමට තරුෂි කරුණාරත්න සහ ජයේෂි උත්තරා ඊයේ (04 වැනිදා) සමත් වූහ.

එහිදී තරුෂී කරුණාරත්න මීටර් 400 ඉසව්වෙ තත්පර 53.71 කින් නිම කරමින් එහි රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.

එම තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් ජයේෂී උත්තරා තත්පර 55.52 ක කාලයක් වාර්තා කළාය.

තරුෂි කරුණාරත්න වලල ඒ රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අතර ජයේෂි ගම්පහ හෝලික්‍රොස් විද්‍යාලයේ ශිෂ්‍යවකි.

එම තරගයේ පළමු ස්ථානය දිනා ගත් රෙසෝනා හීනා මලික් වාර්තා කළ කාලය තත්පර 53.31 කි.

දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් සහභාගි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment