ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරයන් පිළිගැනෙති

217

කුවේට් හි පැවති 4 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වී එයින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (18 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය මෙම ඔක්තෝබර් මස 13 සිට 18 දින දක්වා කුවේට් රාජ්‍යයේ දී පවත්වා තිබුණි.

මෙහිදී මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනූ මහරගම ප්‍රවීන් ජයතිලක, උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනූ තණමල්විල දෙනිත් අනුහස්, මීටර් 800 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනූ ගම්පොළ කසුනි නිර්මලී, මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ කුරුණෑගල අවිශ්ක තේමින්ද සහ උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ කොළඹ තෙසදු අර්ථවිදූ යන ක්‍රීඩකයන් පදක්කම් දිනා ගෙන තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා එම ක්‍රීඩකයන්ගේ දෙමාපියන්, ඥාතීන්, එම සිසුන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන් මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, එම සංගමයේ උප සභාපති බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ තිලක් අල්පොන්සෝ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment