ආසියානු යොවුන් ශූරතා තරගාවලියට ක‍්‍රීඩකයන් තේරීම නොවැම්බරයේදී

160

2022 වසරේ මාර්තු මස 01 සිට 04 දක්වා කුවේට් දේශයේදී ක‍්‍රියාත්මක කෙරෙන 04 වැනි ආසියානු යොවුන් ශූරතා වයස අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණය නොවැම්බර් මස මැද කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී සිදු කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

ආසියානු යොවුන් ශූරතා තරගාවලියට ක‍්‍රීඩකයන් තේරීම නොවැම්බරයේදී



රට තුළ දැනට ක‍්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් වීමත් සමගම ‘කොවිඞ් – 19’ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව මූලික පරීක්ෂණය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කැඳවීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය බලාපොරොත්තුවේ.

2021 දෙසැම්බර් මස 31 දිනට අවුරුදු 18 ට අඩු වයස් සීමාවේ පසුවන දක්ෂතා පූර්ණ ජවන හා පිටිය මලල ක‍්‍රීඩක

ක‍්‍රීඩිකාවන් ආරම්භක පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිතය.

කුවේට් දේශයේ දී ක‍්‍රියාත්මක කෙරෙන මෙවර ආසියාතික මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය එළඹෙන පෙබරවාරි මස 12 සහ 13 යන දිනවල කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment