ආසියානු යොවුන් සවි එසවීමේ ශූරයෝ විදුහලේදී පිළිගැනෙති

101

ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේදී පැවැති ආසියානු යොවුන් සවි එසවීම ශූරතාවයේදී වාද්දුව මධ්‍ය විද්‍යාලයීය ජාතික පාසලේ ශිෂ්‍යයන් දෙදෙනකුට රන් පදක්කම් හා රිදී පදක්කම් හිමි විණි. එස්. තීක්ෂණ හසරැල් ශිෂ්‍යයා, කිලෝ ග්‍රෑම් අසූ තුන (83) බර පන්තිය අංශයෙන් සවි එසවීමේ ශූරතාවය දිනාගෙන රන් පදක්කම් ලාභියෙක් වූ අතර එම තරගාවලියේම කිලෝ ග්‍රෑම් හැට හය (66) බර පන්තිය අංශයෙන් සවි එසවීමෙන් තරග වැදුණු කේ.එන්.ආර්. ප්‍රනාන්දු ක්‍රීඩකයා දෙවෙනි ස්ථානය හිමි කර ගත්තේය.

වාද්දුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු සමස්ත ගුරු මණ්ඩලය එක් වී සංවිධානය කරන ලද විශේෂ රැස්වීමකදී එම ක්‍රීඩකයන් දෙදෙනාට විශේෂ උපහාර පුද කෙරිණි.

පුහුණුකරු අයි.පී. නන්දසේන, විදුහල්පති රණසිංහ ඉන්ද්‍රසේන, ක්‍රීඩා ආචාර්ය කාන්තසිරි මීගමුවගේ යන මහත්වරුන් සමග එම ශිෂ්‍යයන් දෙදෙනා ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.
එස්.එච්. ලුණුවිල – වාද්දුව

advertistmentadvertistment
advertistmentadvertistment