ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 200ක ණය ආධාරයක්

240

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර ණය මුදලක් අනුමත කර ඇත.

එම බැංකුව විසින් දැනට ලබාදෙන වෙනත් ව්‍යාපෘතිවල අරමුදල් නැවත සකස්කර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව වැඩිදියුණු කිරීමේ සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ජීවනෝපාය ආරක්‍ෂා කිරීම සඳහා මෙම හදිසි ආධාර ණය මුදල් අනුමත කරනු ලැබූ බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ (31දා) නිවේදනය කළේය.

වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට අහිතකර බලපෑම් එල්ල වී තිබීම ගැන ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී අවධානය යොමු කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment