ආසියාවේ සාමයට ඉන්දියාවේ සහ චීනයේ ඇති වැදගත්කම

342


ආසියානු කලාපයේ සාමය සහ සන්සුන් භාවය සඳහා චීනය සහ ඉන්දියාව අතර සහයෝගීතාවය අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සමග පැවැති වීඩියෝ තාක්ෂණ සාකච්චාවකදී පවසා ඇත.රුසියාව සහ යුක්රේණය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය නිසා මතුව ඇති අර්බුධකාරී වාතාවරණයක් ආසියානු කලාපයේ ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයිද ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබේ.එබැවින් නැගෙනහිර ලඩාක් ප‍්‍රදේශයේ පවතින ඉන්දු චීන දේශ සීමා අර්බුධය සාමකාමීව විසඳාගතයුතුව ඇතැයි ඉන්දීය අගමැතිවරයා පවසා ඇත. මෙහිදී ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයාද පවසා ඇත්තේ චීනය ආසියානු කලාපය තුළ කටයුතු කරන ආකාරය ගැන තමාද විමර්ශන කර ඇති බවය.ඉන්දියාව සහ චීනය අතර 2020 වසරේදී ෂැන්ගොන්විල ප‍්‍රදේශයේදී ඇතිවූ ප‍්‍රචණ්ඩකාරී ගැටුමකින් පසු දේශසීමාව සඳහා දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment