ආසියාවේ ක්‍රීඩා ඇමැතිවරු ලබන සතියේ ශ්‍රී ලංකාවට

136

18 වැනි ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක මර්දනය පිළිබඳ සමුළුව ලබන 12 සහ 13 දෙදින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වේ.

ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායනය එම කටයුතු සැලසුම් කර ඇත.

ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල් 39 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයින්, රටවල් 9 ක ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු සාමාජිකයින් 10 දෙනෙක් ද මෙම සමුළුව නියෝජනය කිරීමට පැමිණිමට නියමිතය.

ඒ පිළිබඳව ඊයේ (7) පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය අප කෙරේ තැබූ විශ්වාසය අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

මේ වෙනුවෙන් කැපවී වැඩ කටයුතු සිදු කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කර සිටිනවා.

තහනම් උත්තේජක භාවිතය ඉතාමත් අවම රටක් ලෙස අපි ඉදිරියෙන් සිටිනවා. රටක් ලෙස මෙය අප ලැබූ විශේෂ ජයග්‍රහණයක්. ක්‍රීඩාවේ ජී ව ගුණය ආරක්ෂා කර ගුණාත්මක ලෙස ක්‍රීඩාවේ කටයුතු කරන්න හැකියාව ලැබී තිබෙනවා. එය අපේ වගකීමක්. අපි එය පවත්වාගෙන යෑමට බැඳී සිටිනවා. ලෝකයේ සෙසු රටවල් සමග සහජීවනයෙන් ගෞරවය ආරක්ෂා වන ආකාරයට ක්‍රීඩා ජයග්‍රහණ තුළින් රටේ කීර්තිය ලෝකය ඉදිරියේ විදහා පෑමට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම සහයෝගය ලබා දීමට ක්‍රීඩාව භාර අමාත්‍යවරයා ලෙස මා මැදිහත් වන බව ප්‍රකාශ කරනවා.”

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලි ජයවික්‍රම යන මහත්වරුද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment