‘ආසියාවේ රැජනට’ රු. කෝටි 2000 ක ලන්සුවක් ලැබුණු බව දැනුම් දී නෑ

354

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති

මෙරටින් හමු වූ ‘ආසියාවේ රැජන’ ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික නිල් මැණිකට ඩොලර් මිලියන 100 ක (රු. කෝටි 2000 ක) ලන්සුවක් ලැබුණ බව තමාට ඊයේ (04 වැනිදා) වන විටත් දැනුම් දී නොතිබුණ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඩුබායි හි සිට ‘දිවයින’ට පැවසීය.

ඩුබායි සමාගමක් විසින් එම මැණික එම මිලට මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇතැයි පළවූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය. නමුත් ඉහත සඳහන් වටිනාකම ගෙවා එම මැණික මිලදී ගන්නට ඩුබායි සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි පළ වී තිබූ අතර ඒ පිළිබඳ සොයා බලා පසුව ප‍්‍රකාශයක් කරන බවද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment