ආසියා කුසලානයේ මැලේසියා – ශ්‍රී ලංකා සටන හෙට

190

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය හෙට (08 වැනිදා) මැලේසියා කණ්ඩායම සමඟ පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරග 3කට සහභාග වී ඉන් තරග 2ක් ජය ගෙන ඇති අතර ඉන්දියාවට එරෙහි තරගය පමණක් පරාජයට පත් විය.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතරින් සියලු තරග ජය ගත් ඉන්දියාව පෙරමුණේ පසුවන අතර පෙරේදා (06 වැනිදා) පැවැති තරගයෙන් පකිස්තානය, තායිලන්තය හමුවේ පරාජයට පත්විය. ඒ අනුව පකිස්තානය සහ ශ්‍රී ලංකාව තරග 3කට සහභාගි වී තරග දෙක බැගින් ජය ගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් හිමහිකර ගෙන ඇත. ඉන්දියාවට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 කි.

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ තායිලන්තයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ අතර හෙට තරගයෙන් පසුව ශ්‍රී ලංකාව ලබන 10 වැනිදා බංග්ලාදේශය සමගත්, ලබන 11 වැනිදා පකිස්තානය සමගත් තරග වැදීමට නියමිතව ඇත.

ලීග් වටයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් හතර ලබන 13 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment