ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය යළි පණ ගැන්වෙයි

124

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය නොවැම්බර් 19 සහ 20 දෙදින තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර ඇත.

ආසියානු රග්බි සම්මේලනය එම තීරණයට එළැඹ ඇත. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අදියර තුනකින් යුක්ත වුවත් මෙවර එය එක් අදියරකට සීමා කර තිබෙන අතර කාන්තා සහ පිරිමි දෙඅංශයේම තරග නොවැම්බර් 19 සහ 20 දින පවත්වා අවසන් කිරීමට නියමිත වේ.

ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම අවසන් වරට තරගයකට මුහුණ දුන්නේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් සඳහා 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී වේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආසියානු සත් සමාජික තරගාවලිය පසුගිය වසරේ නොපැවැත්වූ අතර 2009 වසරේ පටන් අඛණ්ඩව සෑම වසරකම තරගාවලිය පවත්වා ඇත. තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 18 ක් සහභාගි වේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment