ආහාරවල සිල්ලර මිල සියයට 15 කින් නැගලා – ඇඞ්වොකාටා බත්කරි මිල දර්ශකය හෙළි කරයි

250

කොළඹ වෙළෙඳපොළේ සතිපතා සිල්ලර මිල ගණන් නිරීක්‍ෂණය කිරීමේදී ආහාරවල සිල්ලර මිල ගණන් සියයට 15ක වැඩිවීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

ඇඞ්වොකාටා බත්කරි දර්ශකයට අනුව මේ වැඩිවීම නිරීක්‍ෂණය කර ඇති අතර මේ සඳහා සාමාන්‍ය බත් සහ ව්‍යංජන සහිත ආහාර වේලක් සඳහා බහුලවම පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම හේතුවී ඇත.

මේ ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ එළවළු වර්ගවල මිල ඉහළ යෑමයි. මේ අනුව ඉකුත් දෙසැම්බර් මාසයේදී අමු මිරිස් සියයට 287 කින් ද, බම්බොටු මිල සියයට 51 කින් ද, රතු ලූනු මිල ගණන් සියයට 40කින් ද, බෝංචි සහ තක්කාලි මිල ගණන් සියයට 10 කින් ද වැඩිවී තිබේ.

සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලක් ඇඞ්වොකාටා බත්කරි දර්ශකය ගණනය කරන භාණ්ඩ කූඩය මිලදී ගැනීම සඳහා දරන ලද වියදම රු. 1165 සිට රු. 1593 දක්වා වැඩි වී ඇති බවද මේ අනුව ගණනය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment