ආහාර කොමසාරිස්ට කෝටි දහයක ගබඩා පොලු වැදිලා

137

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා බදුපදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් වෙනුවෙන් හිඟ ගබඩා කුලි වශයෙන් එකී ආයතනවලින් රුපියල් දසකෝටි අනූහතර ලක්‍ෂ හැත්තෑහයදහස් තිස්නවයක මුදලක් අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 වැනිදා වනවිට මෙකී හිඟ බදුකුලී ආදායම අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා 66ක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට කුලී පදනම මත ලබා දී තිබිණි. මෙම හිඟ කුලී වටිනාකම තුළ හිඟ කුලිය මාස තුන ඉක්මවූ ගබඩා 16ක් වෙනුවෙන් අයවිය යුතු මුදල රුපියල් තුන්කෝටි හැටහය ලක්‍ෂ හතළිස් හත්දහස් හාරසිය තිස්තුනකි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment