ආහාර ගැටලුවට ජනපති මැදිහත් වෙයි

198

ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමිනි.වැඩසටහන අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා ගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත්කර ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගෝලීය ආහාර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර ගැටලුව විසඳාගැනීමට සැලසුම්සහගතව හා සාමුහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ රජයේ නව වැඩසටහන සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද සඳහන් කළේය

advertistmentadvertistment
advertistmentadvertistment