ආහාර මිල තවත් ඉහළට

320

ඉදිරි කාලයේදී ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

විශේෂයෙන් පොහොර ප‍්‍රශ්නය නිසා දේශීය කෘෂිකාර්මික ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ යනු ඇතැයි ද එය ආහාර කාණ්ඩයේ උද්ධමනය වැඩි වීමට හේතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

දැනටමත් පොහොර ප‍්‍රශ්නය නිසා වී අස්වැන්න මෙන්ම එළවළු නිෂ්පාදනයේ අඩුවක් දැක්වෙනු ඇතැයි ද මේ නිසා ආහාර හිඟයක් ඇති වනු ඇතැයි ද කෘෂි විශේෂඥයන් අදහස් පළ කර ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් නොවැම්බර් මාසයේ ආහාර උද්ධමනය සියයට 17.5 සිට සියයට 22.1 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඉදිරියේදී එළවළු නිෂ්පාදනය අඩු වීමෙන් වෙළෙඳපොළට සැපයෙන එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමට ඇති ඉඩකඩ නිසා තවදුරටත් ආහාර උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ද වෙළෙඳපොළ නියෝජිතයෝ තවදුරටත් සඳහන් කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment