ආහාර වර්ජනය කළ  ශ්‍රී ලාංකික සරණාගතයෝ  27ක් සිහිසුන් වෙති

292

ඉන්දියාවේ ත්‍රිචි විශේෂ කඳවුර වසා දමන ලෙස ඉල්ලා දින හතළිහක ආහාර වර්ජනයක නිරත ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් 27 දෙනකු සිහිසුන් වීම නිසා 28 දා රාත්‍රී ත්‍රිචි රෝහලක් වෙත ඇතුළත් කර තිබේ. ගිලන් රථ භාවිත කරමින් ඔවුන් රෝහල්ගත කර ඇත.

ඔවුන් කියා සිටින්නේ මෙම විශේෂ කඳවුරේ තමන් රඳවා සිටීම නිසා කිසිම රාජකාරී කටයුත්තකට පළාතෙන් ඉවත්ව යා නොහැකි බැවින් දැඩි ආර්ථික අහේනියක් තමන්ට උද්ගතව ඇති බවයි. ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ විශේෂ කඳවුරේ රඳවා සිටින්නේ මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගත් විශේෂ පිරිසක් බවයි. කෙසේ වෙතත් මෙම කඳවුර වසා දමන ලෙස ඉල්ලා එම කඳවුරේ 70කට අධික පිරිසක් දින හතළිහක සිට ආහාර වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ට සහය දැක්වීමට වෙල්ලෝර් – වලජා වේල්ල කඳවුරේ 150 ක පමණ පිරිසක් ද විරෝධතාවක් ආරම්හ කර තිබේ.

දිනසේන  රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment