ආහාර සුරක්‍ෂිතතාවට අත්වැලක් කළමනාකරණ මූලධර්ම සහ  සැපයුම්දාම  කළමනාකරණය – ග්‍රන්ථය අද දොරට වඩී

60

කර්තෘ – ජයන්ත විජේසිංහ
 
 කර්තෘ ප්‍රකාශනයකි.
 

 කළමනාකරණ හා සැපයුම්දාම කළමනාකරණයේ වෘත්තීය විශේෂඥයකු මෙන්ම විෂය පිළිබඳ ප්‍රාමානිකයෙක් වන ජයන්ත විජේසිංහ විසින් රචිත “කළමනාකරණ මූලධර්ම සහ සැපයුම්දාම කළමනාකරණය” කෘතිය අද (23දා) පස්වරු 5.30ට කොළඹ 07 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම්  ශ්‍රවණාගාරයේදී (ඕ. පී. ඒ) දොරට වඩී.

 කොළඹ විශ්වවිiාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මීට සහභාගි වන අතර විවෘත විශ්වවිiාලයේ කළමනාකරණ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර, කොළඹ විශ්වවිiාලයේ කළමනාකාරණ පීඨයේ මහාචාර්ය නිමල් නවරත්න, කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල, සැපයුම්දාම කළමනාකරණ ආයතනයේ හිටපු සභාපති, සැපයුම්දාම කළමනාකරණ උපදේශක හා බාහිර කථිකාචාර්ය අයි. ඩී. පෙරේරා, සම්මානනීය ටෙලි, සිනමා හා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි, සිරස මාධ්‍ය ජාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත විජේසිංහ, කැලණි කේබල්ස් හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ හේමන්ත පෙරේරා යන මහත්වරු විශේෂ ආරාධිතයෝ ලෙස දොරට වැඩීමේ අවස්ථාවට එක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment