ආහාර සුරක්ෂිතතාව ගැන  G 2 රටවල් අතර විශේෂ සාකච්ඡාවක්

186

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පවතින අර්බුද සම්බන්ධව සාකච්ඡා කිරීමට ඇමෙරිකාව, ඉන්දියාව, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හතරින් සමන්විත 12 – G  2 සිව්පාර්ශ්වික ආර්ථික සමුළුවේ ඉහළම සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

 මේ සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනාධිපති මොහොමඩ් බින් සයාද් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට සහභාගි වෙති.

 ඇමරිකානු ජනාධිපතිවරයාගේ පළමු මැදපෙරදිග කලාපීය සංචාරය ජූලි මස පැවැත්වීමට පෙර මෙම සාකච්ඡාව පැවැත්වේ.

 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊශ්‍රායලය සමග 2017 වසරේ සිට විශේෂ මිත්‍රත්වයක් ඇතිකරගෙන ඇත. එය ද මෙම සාකච්ඡාවට මැදගත් වන බව ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර් මහතා පවසයි.

 මෙම සමුළුවේදී රටවල් අතර ආරක්ෂාව, සමෘද්ධිය සහ විශාල කලාපයකට ඒකාබද්ධවීම පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇතැයි ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment