ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ

133

රට තුළ ආහාර හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

රටේ ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ මුදල් අමාත්‍යාංශයේදී පෙරේදා (11දා) පැවැති සාකච්ඡුාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000 ක් වෙන්කර ඇති බව ද ඇමැතිවරයා කීය.

ඇතැම් පිරිස් රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ප‍්‍රකාශ කළත් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට එවැන්නක් රට තුළ ඇතිවීමට ඉඩ නොතබන බව ද හෙතෙම සඳහන් කළේය.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බවත් ගම් මට්ටමින් කොට්ඨාස හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර මුදල් වෙන්කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

සම්පූර්ණයෙන්ම වර්ෂයටම මුදල් වෙන් නොකර කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය නිරීක්‍ෂණය කර මුදල් වෙන්කර දීමට තීරණය කර තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා මුල් කාර්තුවේදී සාර්ථක බව පෙන්නුම් කිරීමට අපොහොසත් ව්‍යාපෘති සඳහා නැවත මුදල් ලබා නොදෙන බව ද පැවැසීය.

දේශීය නිෂ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට අලෙවි කිරීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දී තිබේ. රාජ්‍ය අංශයේ රැුකියා අලූතින් ලබානොදී දැනට සිටින රාජ්‍ය සේවකයන් ලවා සේවා අවශ්‍යතා සපුරා ගත යුතු බවත් ඇමැතිවරයා පවසා ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment