ඇගලුම් කර්මාන්තය බිඳ වැටීමට ඉඩ දෙන්නේ නෑ – ඇගලුම් කම්හල් හිමිකරුවෝ කියති

1216

රට අසමත් කරවන්න තමන් කොහොමටවත් ඉඩ දෙන්නේ නැති බවත්, මෙරට ඇඟලූම් කර්මාන්තය බිඳවැටීමට කිසිසේත් ඉඩනොදෙන බවත් ඇඟලූම් කර්මාන්ත හිමිකරුවෝ පවසති.

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා විසින් රටේ ඇති ඇඟලූම් කර්මාන්ත ශාලා ඇතුළු සියලූම කර්මාන්ත ශාලා වසා දැමිය යුතු බවට කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා මේ කරුණු අනාවරණය කරමින් මෙසේද කියා සිටියේය.

”කතාවෙන් කියන්න පුළුවන් වහන්න, කරන්න එපා කියලා. හැබැයි ඒ වහලා ඉන්න අයට වහලා ඉන්න කාලසීමාවේ විතරක් නෙමෙයි මේ ව්‍යාපාරය වැටිලා විනාශ වෙලා ගියාට පස්සේ බලාගන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ව්‍යවසායකයෝ හැටියට අපි අවදානම අරගෙන තමයි මේ ව්‍යාපාර කරන්නේ. මෙතැනදිත් අවදානම් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඒ අවදානමට අවශ්‍ය ආරක්ෂාව සපයලා තියෙනවා. හැබැයි අවදානමට වඩා රට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ඉතාම වැදගත්. ඉතාම ඉහළයි. එහෙම නොකොළොත් ඊට පස්සේ වෙන විනාශය ගැන අපිට කාටවත් උත්තර දෙන්න බැරිවෙනවා. රට අසමත් කරවන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment