ඇගළුම් අපනයන ආදායමට විදුලි සැරයක්

206


මෙවර විදුලි ගාස්තු වැඩි කිරීමේදී රාත්‍රී 10.30ත් අලුයම 5.30ත් අතර වන කාර්ය බහුල නොවන අවස්ථාවන්හිදී විදුලිය ඒකකයක් සඳහා අයකරන ගාස්තුව අසාමාන්‍ය ලෙස වැඩි කර ඇතැයි ඒකාබද්ධ ඇගලුම් සංවිධාන සංසදය පවසයි.මෙය ඇගළුම් කර්මාන්ත අංශයට දරුණු ලෙස බලපා ඇතැයි ද සඳහන් කරයි.එය 2025 වන විට මෙරට ඇගළුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 08ක් දක්වා ඉහළ නැංවීමේ උපාය මාර්ගයට අහිතකර ලෙස බලපාන බවද පවසයි.කාර්ය බහුල නොවන අවස්ථාවන්හිදී මෙතෙක් ඒකකයකට අයකරනු ලැබුවේ රුපියල් 6.85කි.එය නව සංශෝධනයත් සමග රුපියල් 15.00 දක්වා ඉහළ ගොස් ඇත.මෙම ගාස්තු වැඩිවීම සියයට 113ක් බවද එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment