ඇග්නස් වදින්න ගිය දේවාලේ පියුමිගේ හිසට කඩන් වැටිලා – අබ්ලික් Story

1139

උඹට මං හොඳින් කියන්නෙ දුවේ ඔය නටන නාඩගන් නතර කර දාලා ඉගෙන ගනින්. උඹේ ජීවිතේ විනාශ කර ගන්න එපා ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕනෙ. කලවයස ආවම උඹව හොඳ කොල්ලෙකුට බන්දලා දෙන්නම්.

 ඇග්නස් තම දියණියට පුළුවන් තරම් අවවාද දුන්නා හොඳින් කිව්වා පිංසන්ඩු වුණා. ඒත් පියුමි එයාගෙ ආදර සම්බන්ධය නතර කරන්න කොහොමටවත් කැමති වුණේ නැහැ.

 ”අම්මා ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මං කෙවින්ව අමතක කරන්නෙ නැහැ.” මට එයාව ඕනෙ අනික මං එයාට පොරොන්දුවෙලා තියෙන්නෙ එයාව කසාද බඳිනවා කියලා.

 පියුමි අම්මගෙ අවවාද අනුශාසනා තුට්ටුවකට මායිම් නොකර බොහොම දඩබ්බර විදිහට කිව්වා.

 පියුමිගෙ ගෙවල් තිබුණෙ කුලියාපිටිය පැත්තෙ. පියුමි යන්තම් පහළොස් හැවිරිදි වියේ පසුවෙච්ච පුංචි කෙල්ලක් පාසල් අධ්‍යාපනය පැත්තක තියලා පේ‍්‍රම සම්බන්ධතාවට මුල් තැන දුන්න නිසා පියුමිගෙ අනාගතේ විනාශ වෙන්න යන බව වැඩිහිටියො දැක්කා. කොයි කවුරු අවවාද කළත් එයා මේ සම්බන්ධය නතර කළේ නැහැ.

 දුවගෙ මේ කෙරුවාව නිසා ඇග්නස් හිටියෙ මහා දුක් කන්දරාවක් ඔළුවෙ තියාගෙන දුවව මේ සම්බන්ධයෙන් ගලවගන්නෙ කොහොමද කියලා ඇග්නස් දහ අතේ කල්පනා කළා. කරන්න තියන හැම දෙයක්ම කළා. ඒත් පියුමි මේ ආදර සම්බන්ධය නතර කළේ නැහැ.

 ඔන්න ඔය අතරේ තමයි ඇග්නස්ට කුලියාපිටිය පැත්තෙ දේවාලයක් ගැන තොරතුරු ආවෙ.

 ඔයා කියන්නෙ මේ දේවාලෙට ගිහින් බාරයක් උනාම ඒක හරියටම හරියනවා. එතන ඉන්න කපුමහත්තය පුදුම බලයක් තියෙන කෙනෙක්. එයා මේ වැඬේට අත ගැහුවොත් කිරිගහට ඇන්න වගේ වැඬේ හරියට කරලා දෙයි. ඇග්නස්ට ගමේ කෙනෙක් කිව්වා කුලියාපිටිය පැත්තෙ බොහොම අනුහස් තියන දේවාලයක් ගැන.

 කෙල්ලගෙ මේ හුටපටය කොහොම හරි නතර කර ගන්න ඕනෙ නිසා මේ දේවාලෙට යන්න ඇග්නස් තීරණය කළා.

 ඇග්නස් පහුගිය දවසක පියුමිවත් කැන්දගෙන මේ දේවාලයට ගිහින් කපුවා මුණගැහුණා. කපුවත් මැදි වියේ කෙනෙක් බොහොම සල්ලාල පෙනුමක් තිබුණා. ඒත් ඇග්නස්ට ඒ බවක් පේන්න තිබුණෙ නැහැ. එයාට ඕනෙවෙලා තිබුණේ මොකාගෙන් හරි කෙල්ලගෙ ආදර සම්බන්ධය නතර කර ගන්න.

 අනේ කපුමහත්තයො මගේ කෙල්ලව මේ ප‍්‍රශ්නෙන් මුදවලා දෙන්න. මේකි නැත්නම් අධ්‍යාපනෙත් කඩාකප්පල් කරගන්නවා.

 ඇග්නස් සිද්ධවෙලා තියන හැම දෙයක්ම කපුවට කිව්වා.

 හරි… හරි… අම්මා කිසි දේකට බයවෙන්න එපා. මං දුවව මේ අපායෙන් මුදවගන්නම්. පොඩි ස්ත්‍රෝත‍්‍ර වැඩ ටිකක් තියනවා අපි ඒ ටික කරමුකො.

 කපුව පියුමි දිහා බොහොම කෑදර බැල්මක් හෙලන ගමන් කිව්වා කපුවා පූජාව පටන් ගත්තා. දැන් වැඬේ ජයටම යනවා ඔය අතරේ කපුවා පියුමිව දේවාලේ ඇතුළට ගත්තා. දැන් ඇග්නස් දේවාලෙ පිටතට වෙලා දොහොත් මුදුන් තියාගෙන වැඳගෙන ඉන්නවා.

 ටික වෙලාවකට පස්සෙ පියුමි දේවාලෙන් එළියට ආවෙ දියෙන් ගොඩගත්ත මත්ස්‍යයෙක් වගෙයි.

 ඇග්නස් හිතුව වැඬේ හරියට වෙලා කියලා පියුමි කතාවක් බහක් නැතිව බිරන්තට්ටුවෙලා බලන් ඉන්නවා.

 ඔන්න අම්මා අද මේ වැඬේ බාගයක් ඉවර කළා. හෙටත් මේ වෙලාවටම එන්න. අපි ඉතුරු ටිකත් කරලා දාමු. එතකොට දුවගෙ ප‍්‍රශ්නය ඉවරයි. කපුව එහෙම කිව්වම ඇග්නස් දොහොත් මුදුන් තියලා කපුවට වැඳ වැටුණා.

 පහුවදත් උදේ පාන්දර ඇග්නස් පියුමිවත් කැන්දගෙන දේවාලෙට යන්න ලෑස්ති වුණා. ඒත් කෙල්ල මරහඬ දීලා අඬනවා දේවාලෙ යන්න බැහැ කියලා. ඇග්නස් හිතුවෙ මේ සම්බන්ධය නතර කරන්න යාතිකා කරන නිසා දේවාලෙ යන්න බැහැ කියනවා කියලා. එදත් ඇග්නස් පියුමිව බලහත්කාරයෙන්ම ඇදගෙන දේවාලෙට ආවා.

 කපුවා යාතිකාව පටන් ගත්තා. ඇග්නස්ව එලියෙන් තියලා පියුමිව දේවාලෙ ඇතුළට ගත්තා. එදා වැඬේට පැයක් විතර ගියා. ඇග්නස් හිතුවා අදනම් වැඬේ හරියටම ඉවර කරලා ඇති කියලා. අන්තිමේදි පියුමි වැලහින්නක් වගේ අඬාගෙන දේවාලෙන් එළියට පැන්නා.

 අනේ අම්මේ ඌ මහ වලත්තයෙක්. ඌ මාව නැති කළා. පැයක් තිස්සේ මට එක එක වද දුන්නා. මට එක තත්පරයක් ඉන්න දුන්නෙ නැහැ.

 පියුමි වැළපෙමින් සිද්ධවෙච්ච හැම දෙයක්ම කිව්වා. ඇග්නස්ට අසූහාරදාහට කේන්ති ගියා. ඇග්නස් දෙයියො පැත්තක තියලා දේවාලෙ ඇතුළට පැන්නා. ඒත් ඒ වෙනකොට කපුවා මාරුවෙලා අන්තිමේදි ඇග්නස් පියුමිවත් අරගෙන කුලියාපිටිය පොලිසියට ගියා.

 වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිච්ච සිද්ධිය ගැන ඇග්නස් පැමිණිලි කළා. කපුවා අල්ලන්න පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළත් මිනිහා මාරුවෙලා ගිහින්.

 *රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment