ඇඟලූම්හල් සේවිකාවන් ගෙනගිය බස් රථය  ලංගම බස් එකක පසුපස ගැටී 25කට තුවාල

97

ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප‍්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් ඊයේ 23 අලූයම කහතුඩුව කෝරළඉම ප‍්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් එම බස් රථයේ රියැදුරු ඇතුළු සේවක සේවිකාවන් 25 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි.

පාතකඩ ප‍්‍රදේශයේ සිට කහතුඩුව ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප‍්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථය ඉදිරියෙන් ගමන් ගත් ලංගම බස් රථය වෙනත් වාහනයකට යෑමට ඉඩ දීම සඳහා තිරිංග තද කිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

ඇඟලූම් සේවක බස් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය. ලංගම බස් රථයේ කිසිවකුට තුවාල සිදුවී සිදු වී නැතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇඟලූම්හල් බස් රථයේ රියැදුරු සහ කාන්තාවන් තිදෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් වෑතර රෝහල වෙත ඇතුළත් කර ඇත.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කල්‍යාණ බණ්ඩාර පොලිස් සැරයන් (13428* සම්පත්, පොලිස් කොස්තාපල්වරුන් වන (73162* ලක්මාල්, (40537* චතුරංග, (93763* අබේසිංහ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment