ඇඟලූම් කම්හලට සේවිකාවන් ගෙන ගිය බස් රථයට ගල්මුල් ප‍්‍රහාර

299

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක් යළි විවෘත කිරීම සඳහා සේවක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථවලට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කොට මග හරස් කරමින් බස් රථවලට ගල්මුල් ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය ගම්වැසියන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම විරෝධතාව මෙහෙයැවීම හා බස් රථවලට ගල්මුල්වලින් පහර දීම යන කාරණා නිසාය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පිහිටි මෙම ඇඟලූම් කම්හල නිසා පළාතේ කොරෝනා රෝගින් සංඛ්‍යාව දින තුනක් ඇතුළතදී 600 ක් දක්වා වර්ධනය වූ නිසා තාවකාලිකව වසා දමා තිබූ එම ඇඟලූම් කම්හල යළි විවෘත කිරීමට පියවර ගත් අවස්ථාවේදී මේ විරෝධතාව හට ගෙන තිබුණි. මෙම ඇඟලූම් කම්හල තවදුරටත් තාවකාලිකව වසා දමන ලෙස ඉල්ලා මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇති අතර පොලිසියටද පැමිණිලි කොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment