ඇඟිල්ල කපා රන් මුදුව පැහැරගනී

713

යාපනයේ පුවක්කරෙයි ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ඇඟිල්ලක් කපා රන් මුදුවක් 15 දා හොරා ගෙන තිබේ.

මඩකලපුවේ පදිංචි ඔහු යාපනයේ නෑදෑ නිවසකට පැමිණ සිටියදී නිවසට පැමිණි හොරු දෙදෙනකු එක් මුද්දක් ගලවා අනෙක් මුද්ද ගැලවීමට නොහැකි තැන ඇඟිල්ල කපා රන් මුදුව පැහැර ගෙන ගොස් තිබේ.

හොරුන් විසින් පැහැර ගන්නා ලද මුදු දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවට පොලිසියට පැමිණිලි කොට තිබේ.

සිද්ධිය නිසා තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment