ඇඟේ බැලන්ස්එක නැතිවන කනේ රෝගය ගැන විස්තර

3540

ප‍්‍රශ්නය – අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රෝග ලක්ෂණ විස්තර කළ හැකි නමුත් නම සඳහන් කිරීමට නොදන්නා කර්ණ රෝගයක් පිළිබඳවයි. මේ රෝගය වැළඳුනු විට රෝගියාගේ ශරීරයේ සමබරතාව ගිලිහී යන අතර රෝගියා බිම ඇද වැටීමට යන ස්වභාවයක් හැෙඟනවා. මොකක්ද මේ රෝගය?
 
 ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් – MENIERES DISEAS හෙවත් මේනියර් රෝගය හෙවත් MD කර්ණ අක‍්‍රමිකතාව ලෙස හැඳින්වෙන මේ රෝගය ඇතුල් කනේ හටගන්නා ආබාධ තත්ත්වයක්.
 
 ප‍්‍රශ්නය – මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
 
 ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් – මේනියර් රෝගය වැළඳුනු විට කැරකිල්ල, බිහිරි භාවය, TINNITUS හෙවත් කන් කුරු කුරුව නමැති රෝගය සහ හිසේ ඇම්මත් කන් අගුල් වැටී ඇති බවත් දැනෙනවා. මේ රෝග ලක්ෂණ සැබවින්ම මේනියර් රෝගයට පමණක් ආවේනික රෝග ලක්ෂණ ලෙස සලකන්නට බැහැ. වෙනත් කර්ණාබාධවලටත් මේ රෝග ලක්ෂණම හටගන්නවා. මීට අමතරව ඔක්කාරය, වමනය සහ අධික ලෙස දහදිය දැමීමත් හටගන්නවා. මේ රෝග ලක්ෂණ තුන කෙළින්ම අදාළ වෙන්නේ VERTIGO හෙවත් හිසේ කැරකිල්ල නමැති රෝග තත්ත්වයටයි. මේනියර් රෝග තත්ත්වයේදී සිදුවන්නේ කර්ණ රෝග වැඩි ප‍්‍රමාණයකදී හටගන්නා රෝග ලක්ෂණ සියල්ල එකතුවී මෙම රෝගයේ රෝග ලක්ෂණයක් ලෙස පිටතට පැමිණීමයි. මේ අතර මේනියර් රෝගය වැළඳුනු සමහරු හිටිහැටියේම බිමට ඇද වැටෙනවා. එවැනි අවස්ථා අප හඳුන්වන්නේ DROP ATTACKS ලෙසයි.
 
 ප‍්‍රශ්නය – මේ රෝගය හටගන්නේ ඇයි?
 
 ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් – නවීන විද්‍යාවේ හැටියට නම් මේ රෝගයට ස්ථිර හේතුවක් කියන්නට බැහැ. ඒත් ජානමය සහ පාරිසරික හේතු නිසා මේ රෝගය හටගන්නා බව සමහරු කියනවා. ඊට අමතරව රුධිර නාළ බාධා වීම, වෛරස් ආසාදන සහ ස්වභාවික ප‍්‍රතිශක්තිකරණ අක‍්‍රමිකතා හෙවත් AUTO IMMUNE DISEAS තත්ත්වයන් මෙයට බලපාන බව කියනවා. එහෙත් ආයුර්වේද අර්ථකථනයට අනුව මෙය වාත දෝෂය කුපිත වීම නිසා හටගන්නා රෝග තත්ත්වයක්. 

නොමිලේ විස්තර සඳහා
0766739977

kana2
advertistmentadvertistment
advertistmentadvertistment