ඇඟේ ‘බැලන්ස් එක’ නැතිවන කනේ රෝගය ගැන තව විස්තර

1648

පසුගිය සතියේ පළවු ලිපියෙහි ඉතිරි කොටස…

ප‍්‍රශ්නය – මේ රෝගය වැළඳීමේ සම්භාවිතාව වැඩි කවර පුද්ගලයන්ටද?

ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් – අසාත්මිකතා රුධිර සංසරණ පද්ධතියේ ගැටලූ, හිසේ හෝ ගෙලෙහි හටගන්නා තුවාල, ඉරුවාරද රෝග තත්ත්වය, සිපිලිස් සමාජ රෝගය වැළඳුනු අය සහ වෛරස් ආසාදනවලට ගොදුරු වූ සහ ගොදුරුවෙමින් සිටින අයට මේ රෝගය වැළඳීමේ සම්භාවිතාව වැඩියි. එසේම ඉහත සඳහන් රෝග තත්ත්වයන් හය වැළඳුනු සියලූම දෙනාගේ වාත, පිත, කප යන ත‍්‍රිදෝෂ තත්ත්වය කුපිත වීම සාමාන්‍ය ලක්ෂණයක්.

ප‍්‍රශ්නය – මේ රෝගය හටගැනීමට අදාළ සුවිශේෂීය ආයුර්වේද අර්ථකතනයක් තිබෙනවාද?

 ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් – ආයුර්වේදය පසුබිමෙහි තිබෙන මූලික න්‍යාය මෙයයි. අපේ ශරීරය තුළ කාලයක් සමගම විෂ සහිත තත්ත්වයන් ඇතිවෙනවා. සෞඛ්‍ය ගැන වැඩිමනත් සැලකිල්ලක් නැති අය තුළ මේ තත්ත්වය නිතැතින්ම වර්ධනය වෙනවා. මෙවිට ශරීරයේ ද්‍රව තත්ත්වය අසමතුලිත වෙනවා. මේ අසමතුලිතතාවය නිසා මේනියර් රෝගය ඇතුළු රෝග හටගන්නවා. අප කලිනුත් කී පරිදි මේනියර් රෝගයේ ප‍්‍රමුඛතම හේතුව වාත දෝෂය කුපිත වීමයි. රුධිර සංසරණය, මළ බැහැර කිරීම, ස්වසනය ඇතුළු ශාරීරික චලනයන් උද්දීපනය කරන්නට වාත දෝෂයට පුළුවන්. වාත දෝෂය අසමතුලිත වුණහම මේ චලනයන් වේගවත් වීම අඩුවීම හෝ අක‍්‍රමික වීම සිදුවෙනවා. මේ නිසා මේනියර් රෝගයට ප‍්‍රමුඛ ප‍්‍රතිකාරයක් ලෙස පංච කර්මය සලකන්නට පුළුවන්.

 නොමිලේ විස්තර සඳහා
 0766739977

kana
advertistmentadvertistment
advertistmentadvertistment