ඇඟ බස්සගන්න ඇවිදපු සාන්තත් එක්ක ගමම අමනාප වෙලා

1010

සාන්ත පීතරගේ මල්ලිය. පීතර අකාලයේ මියගියේ හෘදයාබාධයක් වැළඳීමෙනි. සාන්තත් පීතරත් තරබාරුය. පීතර මියගියේ කිසිම ව්‍යායාමයක් නොකළ නිසා යැයි වෛද්‍ය නිර්දේශය වී තිබිණි.

සාන්ත සවස පාරදිගේ ඇවිදින්නට ගත්තේ සිරුරට යම් ව්‍යායාමයක් දෙමිනි.

‘‘මොකෝ සාන්ත පයින්. නගින්න නගින්න වාහනයට. ගමේ අය සාන්ත පා ගමනින් හති දම දම යන අයුරු දකින අය ඔවුනගේ වාහනවලට ගොඩකර ගත්තේ ගමේ කමටය.

මම මේ එක්සසයිස් කරනවා යැයි සාන්තට කට ඇර කියන්නට ලැජ්ජාවක් දැනිණ. ඒ නිසාම ඒ හැම විටම ඔහු මුනිවත රකිමින් වාහනවල නැගී නිවසට ආවේ උදව්වට එන පිරිසට හිතෙන් බැණ වදිමිනි.

මේකට හොඳම වැඩේ අතුරු පාරක ඇවිදින එක. සාන්ත අතුරු පාරක ඇවිදින්නට ගත්තේ ඊට පසුවය.

‘‘සාන්ත මොකෝ පයින්. නගින්න නගින්න බයික් එකට’’ අතුරු පාරට ගියත් විසුමක් නැත.

අයිසෙ මට කරදර කරන්න එපා. මම මේ ව්‍යායාමෙට ඇවිදින්නෙ. සාන්තට මළ පැන්නේය.

මාස දෙක තුනක් යන විට ගමෙන් භාගයක්ම සාන්තගේ සතුරන් බවට පත්ව ගියේ ඒ අය වඳින්න ගිය දේවාලය හිසට කඩා පාත් වූ නිසාය.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment