ඇට්ලස් අඛණ්ඩව තුන්වැනි වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM සම්මාන දිනයි

95

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 3 වන වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

2022 මාර්තු 21 දින පැවති ‘‘2022 SLIM-Kantar People’s Awards’ හිදී එම සම්මානය ඇට්ලස් වෙත පිරිනමන ලදි.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ (Atlas Axillia Co. Ltd) කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සමාගම වෙනුවෙන් එම සම්මානය පිළිගත් අතර, සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා කෞශාලි කුසුමපාල මහත්මිය සහ විකිණුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා මහතා සමග ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. මීට අමතරව තරුණ පරපුරේ තේරීම අනුව වසරේ විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරට එක්වීමටද සමාගමට හැකියාව ලැබිණි.

ජනතාවගේ කැමැත්ත අනුව ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන එකම වෙළඳ නාම සම්මාන වැඩසටහන SLIM People’s Awards වැඩසටහනයි. ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන ලොව ප‍්‍රමුඛතම පර්යේෂණ සමාගම් අතරින් එකක් වන Kantar LMRB විසින් විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව සිදුකරන ලද පුළුල් සමීක්ෂණයකින් අනතුරුව ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන පිරිනමන ලදි.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සමාගම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස 2022 SLIM-Kantar සම්මානය පිළිගත් අවස්ථාව. සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා කෞශාලි කුසුමපාල මහත්මිය සහ විකිණුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා මහතා ප‍්‍රමුඛ ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායමද ඡායාරූපයෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment