ඇණවුම් කළැයි ඇමැති කිව්වට 10දාට පෙර එක තෙල් නැවක්වත් ලංකාවට ගෙන්වා ගන්න බැහැ – තෙල් සංස්ථාව කියයි

313

තෙල් නෞකා දහයක් ඇණවුම් කර ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කළත් එක ඉන්ධන නෞකාවක්වත් මෙම මස 10 වැනිදාට පෙර මෙරටට ගෙන්වාගත නොහැකි යැයි ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි.

විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කළත් තෙල් නෞකාවලට ගෙවීමට සංස්ථාව සතුව ඩොලර් නොමැති බවත්, සංස්ථා සේවකයන්ට මාසික වැටුප්, අතිකාල හා දිරිදීමනා ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා රුපියල් සතද නැති බවත් තෙල් සංස්ථා ගිණුම් අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඉකුත් මාස කිහිපයේම සංස්ථාවේ ආදායම් සියල්ල ඇහිරී තිබෙන අතර රාජ්‍ය බැංකුවකින් මුදල් අයිරා ලබාගෙන සේවක වැටුප් ගෙවූ බව ද හෙතෙම කීවේය. මෙරටට ඉන්ධන සැපයූ සමාගම්වලට ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 800 ක මුදල් ප්‍රමාණය ගිවිසුම් අනුව නොගෙව්වොත් දඩ හා පොලිය ද ගෙවීමට සිදුවන බව හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment