ඇත්ත ඇති සැටියෙන් පෙන්වන පියවි ඇස

266

කර්තෘ- එඞ්මන්ඞ් ජයසිංහ
 ප‍්‍රකාශනය: සරසවි ප‍්‍රකාශකයෝ


නවකතාවේ ප‍්‍රධාන චරිතය‘හේවා’ සිය පෙම්වතිය සමග ස්කැන්ඩිනේවියාවේ සංචාරයක යෙදෙන අවස්ථාවේ ස්කැන්ඩිනේවියානු රටවල කි‍්‍රයාත්මක වන නෝඩික් මොඩලය තුළින් ඊට පිළිතුරක් දකියි. නෝඩික් මොඩලය යනු මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමවේදයකි. ධනවාදී සහ සමාජවාදී යන දෙවර්ගයේම යහපත් අංගයන්ගෙන්  සැදුම්ලත් ක‍්‍රමවේදයකි. 

එඞ්මන්ඞ් ජයසිංහ, මෙතෙක් කල් සිය ජීවිතයෙන් ලද විවිධ වූත් බරසාර වූත් අත්දැකීම් එකට මුසු කරමින් මහඟු චරිතාපදානයක් සේ දකින නවකතාවක් ‘පියවි ඇස’ නමින් පාඨකයන්ට පිරිනමයි. විශ්වකෝෂයක හැඩගත් මෙම නවකතාවෙන් පිළිබිඹු කෙරෙන්නේ පසුගිය අඩ සියවස තුළ ශී‍්‍ර ලාංකික සමාජය පරිණාමනය වූ අයුරුය. පසුගිය දශක කිහිපය හා ගත් කල අගනා සාහිත්‍යමය මෙහෙවරක් ඉටුකර ඇති පොතක් ලෙස මම ‘පියවි ඇස’ දකිමි.

 ‘පියවි ඇස’ යනු ඇත්ත ඇති සැටියෙන් දැක්මයි. ‘හේවාවිාරණ’ (හේවා* ළමා වියේ සිට යොවුන් විය දක්වා කාලය අතරවාරයේත්, අවසන උගත් පරිණත වැඩිහිටියකු බවට පත්වන විටත් ඔහු තුළින් ඇති වන පරිණාමනය පිළිබඳ යටිපෙළ අරුත අනුව පොතට යොදා ඇති නම සැබැවින්ම අපූරුය. හේවා සිය දෙමාපියන් දූ දරුවන්, සහෝදර සහෝදරියන්, ඔහු හඳුනන ගම්වැසියන්, ඔහුගේ ගුරුවරුන් සහ පෙම්වතියන් සමග ඇති කරගන්නා විවිධ සබඳතා විස්තර කරමින් කතා පුවතට නිදහසේ ගලා යන්නට ඉඩ හැර ඇත්තේ පාඨකයාට වටිනා පාඩම්  රැසක් ක‍්‍රමයෙන් දැන ඉගෙන  ගන්නට අවස්ථාව සලසමිනි.

 ශී‍්‍ර ලංකාවේ වත්මන් දේශපාලනමය සහ සමාජයීය ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් මවන්නට ලේඛකයා උපකාරී කර ගන්නේ හේවා නම් වූ ඒ ප‍්‍රධාන චරිතයයි. කනගාටුවට කාරණය වන්නේ මෙහිදී අපට මවා පෙන්වන බොහෝ චරිත, ජරාජීර්ණ වෙමින් පවතින රටක ජනතාව ඇපයට තබමින් මහජන මුදලින් තමන් වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් උපයාගන්නට තැත් කරන බලලෝභීන් වීමයි. ප‍්‍රාජාතන්ත‍්‍රවාදී මූලධර්ම හෝ මානව හිමිකම් ගැන ඔවුන්ට තැකීමක් නැත. ඊට හේතුව බලය සහ ධනය වෙනුවෙන් ඔවුන් තුළ ඇති අසීමිත කෑදරකමයි.

 ශී‍්‍ර ලංකාවේ දේශපාලනමය සහ ආර්ථික තත්ත්වයන් සවිස්තරාත්මකව විග‍්‍රහ කරමින් ලේඛකයා පුන පුනා කියාපාන්නට තැත් කරන්නේ සමාජයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් කෙසේ කි‍්‍රයාත්මක විය යුතු ද යන යථාර්ථයයි. ඊට එක් නිදසුනක් ලෙස ග‍්‍රන්ථයේ ඇති පහත කොටස දැක්විය හැකිය.

 ‘ආලය, ආදරය, මානව දයාව, යුක්තිය, සාධාරණය, සත්‍යය, අවිහිංසාව හා දූෂණයෙන් හා නාස්තියෙන් තොර සමාජයක් බිහි කළ යුත්තේය. එය දේශපාලන පක්‍ෂ හා පාටවලින් තෙරය. පාට, පක්‍ෂ හා වෙනත් පසුබිම් කෙසේ වෙතත් සියල්ලන්ට මේ ව්‍යායාමයේ කොටස්කරුවන් විය හැකිය. එහි ප‍්‍රතිඵල සියල්ලන්ටම විඳිය හැකිය. බලාපොරොත්තු වන සමාජයේ සැවොම ධනය උපයති. සැවොම ධනය බෙදාගනිති. බෙදාගත් ධනයේ අඩුවැඩි බව රඳා පවතින්නේ ධනය ඉපදීම සඳහා අඩු වැඩි වශයෙන් සම්මාදම් වූ ආකාරයටය. ඒ සඳහා නිශ්චිත කි‍්‍රයා පිළිවෙළක් තීරණය කළ යුතුවේ. (පිටුව: 174)

 එනම් පියවි ඇස ලේඛකයා සිය අත්දැකීම් සමුදායක් ඔස්සේ හඬගා කියමින් පාඨකයාට අවබෝධ කරන්නට තැත් කරන්නේ සමාජයේ අසාධාරණයන් සහ ආර්ථික හා සමාජයීය පීඩනයන් තම තමන්ගේ ජීවිත පාලනය කරන අයුරුය. ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනවලට එළැඹීමට ඔවුන්ටම ඉඩ හරින ලේඛකයා අද පවතින  ශී‍්‍ර ලාංකික සමාජයට ගැළපෙන්නේ කෙබඳු දේශපාලනමය පිළිවෙතක්දැයි සිතා බලන්නටත් පාඨකයාටම ඉඩ හරියි. මෙම සුන්දර නවකතාව හරහා ඔහු තවත් විශාල මෙහෙවරක් ඉටු කරන්නේ නවීන සමාජයට අදාළ වටිනා අදහස් ගණනාවක්ම පාඨකයන් වෙත නොමසුරුව ඉදිරිපත් කරමිනි.

 එවන් අනගි මෙහෙවරක යෙදෙන අතරම, සාධාරණ සමාජයක් තැනීම උදෙසා වන පිළිතුරු සොයන්නට ද ලේඛකයා වෙහෙසෙයි. එහිදී ලේඛකයා අදහස් කරන්නේ අතළොස්සකට නොව සැමට ගැළපෙන දේශපාලනමය, ආර්ථිකමය සහ සමාජයීය ක‍්‍රමවේදයක් ගොඩනැඟීමෙහිලා සෑම පුරුවැසියකු විසින්ම දායකත්වයක් සපයන තත්ත්වයක් නිර්මාණය කිරීමටයි.

 නවකතාවේ ප‍්‍රධාන චරිතය ‘හේවා’ සිය පෙම්වතිය සමග ස්කැන්ඩිනේවියාවේ සංචාරයක යෙදෙන අවස්ථාවේ ස්කැන්ඩිනේවියානු රටවල කි‍්‍රයාත්මක වන නෝඩික් මොඩලය තුළින් ඊට පිළිතුරක් දකියි. නෝඩික් මොඩලය යනු මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමවේදයකි. ධනවාදී සහ සමාජවාදී යන දෙවර්ගයේම යහපත් අංගයන්ගෙන් සැදුම්ලත් ක‍්‍රමවේදයකි. නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවාව, නිශ්චිත විශ‍්‍රාම වැටුප් ගෙවීම් සහ ආදායම් බෙදී යෑම වැනි සමාජ ප‍්‍රතිලාභ, එකී නෝඩික් මොඩලයේ ඇතුළත් වේ. එහිදී එකිනෙකා වෙනුවෙන් කැපවී වැඩ කිරීමටත්, ධනය නැවත බෙදී යන ආකාරයෙන් ධනවතුන් සහ දිළින්දන් අතර පරතරය අවම කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියක් හරහා සිදුකරමින් සමාජයීය අභියෝගවලට විසඳුම් සෙවීමටත්, සවිමත් පුද්ගලික අංශයක් නිර්මාණය සඳහාත් රජය සහ පුරවැසියන් එක්ව කටයුතු කළ යුතු වන්නේ ධනවාදී ක‍්‍රමවේදයේ ප‍්‍රතිලාභ ද සුරකින අතරවාරයේ යැයි සඳහන් වේ.

 මෙම නවකතාවේ මුඛ්‍ය අරමුණ වන්නේ ශී‍්‍ර ලංකාවට ගැළපෙන පාලන ක‍්‍රමවේදයක් පාඨකයා වෙත හඳුන්වාදීමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පිරිසිදු, විනිවිදභාවයෙන් යුත් දේශපාලන කි‍්‍රයාකාරකම්වලට අනුබල දීමයි. අද පවතින ශී‍්‍ර ලංකාවේ දක්නට නොමැති ගුණාංග වන්නේ ද ඒවාමය. එම වෑයමට ජීවය දෙන්නේ හේවා සහ ඔහුගේ පෙම්වතිය නිර්මලී දියත් කරන ‘පියවි ඇස’ ව්‍යාපාරයයි. තම වෑයම පිළිබඳ ඉලක්කය සපුරා ගැනීම සඳහා බුද්ධිමය විප්ලවයක මුහුණුවරින් ‘පියවි ඇස’ ව්‍යාපාරය විශ්වවිiාල භූමියෙන් බිහි වන්නේ හැට දශකයේ මැද භාගයේදී ජවිපෙ නායක විජේවීරගේ මූලිකත්වයෙන් ඇරඹී අවසානයේදී ප‍්‍රචණ්ඩ කැරැුල්ලක් බවට හැරුණු විප්ලවවාදී ව්‍යාපාරයට සහය පළ කළ කණ්ඩායමකට විකල්ප ව්‍යාපාරයක් ලෙසටයි.

 හේවාගේ ‘පියවි ඇස’ ව්‍යාපාරයේ අවසන් ප‍්‍රතිඵලය ලෙසට ඉදිරිපත් කර ඇති නෝඩික් මොඩලය හඳුන්වාදීමට ලේඛකයා යොදගත් විමසුම් සහගත දැක්ම සාර්ථක වන්නට නම්, නවකතාවේ හේවා ඉදිරිපත් කර ඇති ආකාරයටම, අනුන් වෙනුවෙන් සේවයට කැප වූ බුද්ධිමත් නව නායක පරපුරක් බිහිවිය යුතුය. පොදු උවමනාවන් හා වටිනාකම්වලින් පොහොසත් නව යුගයක් ඇරඹීමට, එවන් පාරාර්ථකාමී වූ පරපුරක් රට වෙනුවෙන් ඉදිරිපත්ව පෙරමුණ ගත යුතුව ඇත.

 x නන්දි ජසෙන්තුලියන
 එක්සත් ජාතීන්ගේ සංගමය
 නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්

 

advertistmentadvertistment
advertistmentadvertistment