ඇත්ත කතා කළ විට දඬුවම් දෙන්නේ මෙහෙම නම් ආණ්ඩුවේ ඉරණම ජනතාව තීන්දු කරයි

449

ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමැතිකම් අහිමි වුණාට දුකක් නැහැ. රජයේ වැරදි ප‍්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වාදෙන අයට කිසිවක් නොවිමසා ද`ඩුවම් දෙනවා නම් එවැනි දේ කරන අයට දෙන තීන්දුව ජනතාව ඉදිරියේ නිගමනය කරාවි. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල, දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති පදවියෙන් ඊයේ (4දා) ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ‘‘දිවයින’’ට ඊයේ එසේ පැවසීය.

ඉකුත්දා නුගේගොඩ දෙල්කඳපොළට එළවළු මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි විද්‍යුත් මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පේ‍්‍රමජයන්ත් මහතා විසින් ලබාදුන් කෙටි පිළිතුරු ඊයේ දිවයින මුල් පිටුවේ සඳහන් විය.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඇමැති පදවියෙන් නෙරපනු ලැබීමෙන් පසු දිවයින කළ විමසීමකදී අදහස් දැක්වු ඒ මහතා මෙසේද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් ඇත්ත කතාකළ විට ඇමැතිකම් දාලා යන්න වුණාට කිසිම කණගාටුවක් නැහැ. ඒ අයටත් එළියට ගියොත් ජනතාවගේ හ`ඩ අසන්න පුළුවන්. ආණ්ඩුවේ වරද නිවැරදි කර ගැනීම වෙනුවට ඒවා පෙන්වා දෙන අයට ද`ඩුවම් දෙනවා නම් ජනතාව ඉදිරියේ තීන්දු කරාවි එවැනි ආණ්ඩුවකට දෙන තීරණය කුමක්ද කියලා.

පසුගිය කාලය තුළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීමට නිසි පුද්ගලයන් නිසි වගකීම් වල යෙදවූවේ නැහැ. ගුරු ගැටලූ, පොහොර, ගෑස්, පොහොර නැව්, සහල් මේ හැම අර්බුදයකටම හේතු වුණේ ආණ්ඩුව වැරදි පාරේ ගමන් කිරීමයි. කොවිඞ් අර්බුදයට බාහිරව රටේ ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණ නිසා පීඩාවට පත්වුණේ මේ රටේ අහිංසක ජනතාවයි. පාරිභෝගිකයන් හා ගොවි ජනතාවයි.

අපි මැතිවරණ ජයග‍්‍රහණයේදී ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ දෙපළ වෙනුවෙන් කැපවුණා. 2000 චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමුවෙන්ම මට ලැබුණේ අධ්‍යාපන ඇමැති පදවියයි. මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ මැතිවරණ 11ක අප කටයුතු කළා. එතුමාගේ නාමයෝජනා 3කට අත්සන් කළේ මමයි. ඒ විතරක් නොවෙයි, මහින්ද ජනාධිපතිතුමාගේ රජයේ ඉතා වැදගත් ඇමැති පදවිවල කටයුතු කෙරුවා.

මෙදා රාජ්‍ය ඇමති පදවියක් ලබපු මට ඇමැති පදවි අමුතු ආභරණයක් නොවෙයි.

රජයේ ප‍්‍රතිපත්ති තීන්දු තීරණ ගැන යම් ප‍්‍රකාශයක් කෙරුන විට ඔහුව හෝ ඇයව ගෙන්වා විමසීමක් කිරීමට යුතුකමක් තිබුණා. රටේ බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙද්දී විදේශ සංචිත නොලැබීම වැනි කරුණු ගැන ඇත්ත කතාකරන විට ද`ඩුවම් දෙන්නේ මෙහෙම නම් ජනතාව ඉදිරියේ තීන්දු කරාවි දෙන්න ඕනෑ නිගමනය කුමක්ද කියලා.

මම වසර 40කට වැඩි කාලයක් සිට දෙල්කඳ පොළට යන්නේ ප‍්‍රදේශවාසියකු ලෙස එළවළු මිලදී ගැනීමටයි. එතැනදී රූපවාහිනි මාධ්‍යවේදියකු මගෙන් යම් යම් කරුණු ඇසුවා. මම උත්තර දුන්නා. දෙල්කඳ පොළේ අමු මිරිස් රු.1200ට අලෙවි වෙද්දී මට එහෙම වෙන්න බැහැ. ඒක බොරු කියන්න පුළුවන්ද? ඒවාට බලපෑ හේතු හංගන්න පුළුවන්ද? අපි ජනතාව අතර ඉන්න උදවිය. පොළට ගියත් යන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු විදිහට මිසක් ආරක්‍ෂකයන් පිරිවරාගෙන නොවෙයි. ජනතාවගේ ජීවන බර රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ පොදුවේ දුර්වලකම්, නිසි තීන්දු තීරණ ගැනීමට සුදුසු පුද්ගලයන් සුදුසු පදවිවල නොමැතිකම ගැන මම කතා කළේ විවෘතව හෘද සාක්‍ෂියට එක`ගවයි.

රාජ්‍ය අමාත්‍ය පදවියක් ලැබුණාට අපෙන් රජය පලක් ගත්තේ නැහැ. අද උද්ගතව ඇති ජනතාවගේ වේදනාවන් ගැන අපට ප‍්‍රතිපත්ති තීන්දු තීරණ ගන්න පුළුවන්. බලයක් තිබුණේ නැහැ. ඒක ස`ගවන්න දෙයක් නොවේ. මගේ සුපුරුදු නීති වෘත්තිය අධ්‍යාපනයට සම්බන්ධ ඉදිරි කාර්යයන් කිහිපයක් තිබෙනවා ඉදිරියේදී ඒවා කරගෙන යනවා.

ශිරාන් රණසිංහ, අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment