ඇත්ත තත්ත්වය රටේ ඩොලර් නැතිකමයි ආනයන සීමා කර ඇත්තේ ඒ නිසායි – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

234

රටේ පවතින ඇත්ත තත්ත්වය වන්නේ රට තුළ ඩොලර් නොමැතිකම බවත්, ආනයන සීමා කර ඇත්තේ එම හේතුවෙන් බවත් බතික් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

තෙල් සඳහා යන ආනයන වියදම් අඩුකර ගැනීම සඳහා ගත් පියවරක් ලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර එය කැබිනට් මණ්ඩලය සාකච්ජා කර ගත් තීරණයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි. අවසාන වශයෙන් ලංකාවේ තෙල් මිල වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද හෙතෙම කියා සිටියි.

‘‘අද තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය විශාල ණය අර්බුදයක ඉන්නේ. මෙය කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක්. මේක අමාරු වැඩක්. තෙල් මිල රු. 20 කින් වගේ වැඩි කරනවා කියන්නේ විශාල අර්බුදයක් රට ඇතුළේ එනවා. වැඩි කිරීම ගැන අපෙත් විරෝධයක් තිබෙනවා. නමුත් රටක් විදිහට අපිට දැන් මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා.

ඒ වගේම රටේ ඩොලර් නැතිවීම තුළ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. එවන් අවස්ථාවක කැබිනට් මණ්ඩලය ගන්න තීරණයකට සාමූහිකව සියලූ දෙනා බැඳිලා ඉන්නවා. ගම්මන්පිල ඇමැතිතුමා විතරක් අල්ලලා එතුමාට පහර ගහලා මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම නම් ලංකාවේ පොහොර අර්බුදයක් තියෙනවා. ඒකට එහෙම නම් මහින්දානන්ද ඇමැතිතුමාත් කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරපු ජනාධිපතිතුමාත් වගකියන්න ඕනේ. එහෙම ගත්තොත් ඇමැතිවරු හැමකෙනාටම ගෙදර යන්න වෙනවා’’

advertistmentadvertistment
advertistmentadvertistment