ඇත්ත දැනගන්න කොට සෙව්මිණි ප‍්‍රමාදයි – අබ්ලික් Story

751

සෙව්මිණිගේ ගෙවල් තිබුණේ මිනුවන්ගොඩ පැත්තේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙමින් සිටිය සෙව්මිණි හැමදාම හවසට අමතර පන්තිවලට සහභාගි වුණා.
 
 ඒ වෙනකොට සෙව්මිණිට යන්තම් අවුරුදු 16ක් පිරුණා විතරයි. සෙව්මිණි අමතර පන්තිවලට යනකොට තමයි එයාට නලින්ව මුණ ගැසුනේ.
 
 නලින් රැුකියාව කළේ පෞද්ගලික ආයතනයක. රැකියාව නිමවෙලා එන හැම දවසකදීම නලින්ට සෙව්මිණි මුණ ගැහුණා. ලාබාල වයසේ පහුවුණාට සෙව්මිණිට බොහොම සුන්දර රූ සපුවක් තිබුණා. කොටින්ම එයා වයසට වඩා මෝරපු පෙනුමක් තිබුණා.
 
 නංගි ඔයා හරිම ලස්සනයි. මම හැමදාම දකිනවා ඔයා මෙතන ඉන්නවා. ලස්සන ළමයි පරිස්සම් වෙන්න ඕනේ.
 
 නලින් සෙව්මිණිට කිට්ටු කරලා කිව්වා. තමන්ගේ රූ සපුව ගැන වර්ණනා කළාට සෙව්මිණිට අමුතුම හැඟීමක් ඇතිවුණා. කොටින්ම මේ නන්නාඳුනන තරුණයා ගැන සෙව්මිණිගේ හිතේ පුංචි ආදරයක් ජනිත වුණා.
 
 මං මේ අවුරුද්දේ ඕලෙවල් කරනවා. ඒ නිසා පන්ති යනවා. මාත් දැකලා තියෙනවා අයියා හැමදාම මේ වෙලාවට ඇවිත් ඉන්නවා.
 
 නලින්ගේ මිහිරි වදන්වලට ප‍්‍රතිචාර දක්වමින් සෙව්මිණි කිව්වා. මේ දැන හඳුනා ගැනීම බොහොම කෙටි කාලෙකින් දුරදිග ගිය පේ‍්‍රම වෘත්තාන්තයක් බවට පත්වුණා.
 
 සෙව්මිණි දැන් අමතර පන්ති යන්නෙ නැහැ හැබැයි එයා ගෙදරින් එන්නේ අමතර පන්ති යනවා කියලා. අහිංසක දෙමව්පියන්ට බොරු දාහක් කියලා.
 
 අනේ මට බයයි මගේ අයියා අම්මලා මේවා දැන ගත්තොත් සේරම ඉවරයි.
 
 සෙව්මිණි නලින් එක්ක පෙම් බස් දොඩවන හැම වෙලාවකම කිව්වා. ටික දවසක් යද්දී නලින් අලූත් යෝජනාවක් ගෙනාවා. සෙව්මිණි අපි මේ තැන් තැන්වල ඉන්නව කවුරු හරි දැක්කොත් ඔයාට හොඳ නැහැ. ඒ නිසා අපි කොහේ හරි ගිිහින් නිදහසේ ඉඳලා එමු.
 
 සෙව්මිණි මුලදී ඒ යෝජනාවට අකමැති වුණත් අන්තිමේදී එයා ඒකට කැමති වුණා.
 
 නලින් මේ පුංචි කෙල්ලව හෝටල් කාමරයකට කැන්දගෙන ගියා. එදා ඒ පුංචි අඳුරු කාමරේ ඇතුළේ බොහෝ දේවල් සිද්ධ වුණා. සෙව්මිණි ආරක්‍ෂා කරගෙන හිටිය හැම දෙයක්ම එදා නලින් කියන ඒ පාහරයා විනාශ කරලා දැම්මා.
 
 නලින් අයියේ දැන් ඔයා මගේමයි. අපි දෙන්නා හැමදාම එකට ඉමු. දැන් ඔයාට කවදාවත් මාව දාලා යන්න බැහැ.
 
 සෙව්මිණිට නලින් ගැන තිබුණේ ලොකු විශ්වාසයක්. ඒ විශ්වාසය නිසාම සෙව්මිණි නලින් අඬගහන හැම තැනකම ගියා. කියන හැම විදියකටම හිටියා.
 
 අනේ නලින් අයියේ මම මෙහෙම ඉන්න පොටෝ ගන්න එපා. මේවා කව්රුහරි අතට ගියොත් මට පාරේ බැහැලා යන්න බැරි වෙයි.
 
 දවසක් නලින් සෙව්මිණිගේ නිරුවත් ඡුායාරූප කීපයක් එයාගේ ජංගම දුරකථනයෙන් ගත්තා. සෙව්මිණි ඒකට තදින් විරුද්ධ වුණත් නලින් ඒක නතර කළේ නැහැ. ඔයාව මතක් වෙන්න මං මේවා තියාගන්නවා. නලින් කිව්වා.
 
 දවසක් සෙව්මිණිගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. ඔය කතා කරන්නේ සෙව්මිණිද දුරකථනය අනෙක් කෙළවරෙන් ආපු කාන්තාව විමසුවා.
 
 ඔව් මං තමයි සෙව්මිණි. ඇයි සෙව්මිනි විමසුවා.
 
 මං තමයි නලින්ගේ කසාද ගෑනි. උඹ ඒ මිනිහා එක්ක නටන නාඩගම් සේරම මට ආරංචි වුණා. උඹ අදම මේ සම්බන්ධය නතර කරන්න ඕනේ. නැත්නම් මං නරක ගෑනි කියන්න එපා.
 
 නලීන්ගේ බිරිඳ සෙව්මිණිට තර්ජනය කළා. දැන් සෙව්මිණිට කරකියා ගන්න දෙයක් නැහැ. මුළු ලෝකෙම වේගයෙන් කැරකිලා විනාශවෙලා යනව වගේ දැනුණා.
 
 තමුසේ මහ බොරුකාරයෙක්. එන්න එපා හතර මායිමට මගේ ජීවිතේ තමුසේ විනාශ කළා. සෙව්මිණි නලීන්ට හොඳටම බැන්නා. ඒත් නලින් සෙව්මිණි පස්සේ එන එක නතර කළේ නැහැ.
 
 උඹ මාව පන්නගත්තොත් මං උඹගේ හැම පින්තූරයක්ම ඉස්කෝලෙට එවනවා. හවස පන්ති ළඟ උඹගේ නිරුවත් පින්තූර තාප්පවල අලවනවා. නලින් සෙව්මිණිට තර්ජනයකළා. දැන් සෙව්මිණි අන්ත අසරණ වෙලා. ඇයට කර කියා ගන්න දෙයක් නැහැ. අන්තිමේදී සෙව්මිණි සිද්ධවෙච්ච හැම දෙයක්ම මව්පියන්ට කිව්වා.
 
 සෙව්මිණිගේ වැඩිහිටියෝ මේ ගැන පොලිසියේ පැමිණිලි කළා. නලීන්ව අත්අඩංගුවට ගත්ත පොලිසිය එයාව අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතු කළා.
 
 ඒත් ඒ වෙනකොට සෙව්මිණිට සිද්ධවෙන්න ඕනේ
 
 හැම දෙයක්ම සිද්ධවෙලා තිබුණා. හොයන්නෙ බලන්නෙ නැතිව නාඳුනන පුද්ගලයෝ එක්ක සම්බන්ධතා ගොඩනඟන අහිංසක ගෑනු දරුවන් මේ ගැන විමසිලිමත් විය යුතුයි.
 
 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment