ඇත් දළයක් ඇතුළු භාණ්ඩ රැසක් සමග අයෙක් කොටු

218

රිදීගම පොලිස් වසමේ රම්බඩගල්ල රජමහා විහාරය අසල මාර්ගයේදී මිලකළ නොහැකි ඇත්දළයක්,  ගජමුතු 01ක් සහ වාලම්පුරි 02ක් සමඟ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්‍ෂක එම්. එම්. විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් රම්බඩගල්ල රජමහා විහාරස්ථානය අසලදී සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂාවේදී කැටයම් කරන ලද ඇත්දළයක්, වාලම්පුරි 02ක් සහ ගජමුතු 01ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රිදීගම, පුස්සලන්ද ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වේ. සැකකරු මේවා කිසියම් අයෙකුට අලෙවි කිරීම සඳහා රැුගෙන යන්නට ඇතැයි සැකකරන අතර වැඩිදුර විමර්ශන සඳහා කුරුණෑගල පොලිසියට භාරදීමට කටයුතු කර තිබිණි.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment