ඇත් දළ පිළිමයක් සමාජ මාධ්‍යයෙන් අලෙවි කිරීමට තැත්කළ සැකකරු මාට්ටු

521

සමාජ ජාලා මාධ්‍ය භාවිත කරමින් ඇත් දළවලින් නෙළන ලද රැජිනකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙලා ඇති පිළිමයක් අලෙවි කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර ප්‍රදේශයේ දී සමාජ ජාලා මාධ්‍ය යොදා ගනිමින් මිල අධික ඇත් දලවලින් නෙළන ලද රැජිණකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙළා ඇති උස අඟල් 11, බර කිලෝ 01 ග්‍රෑම් 598 ක් බරැති පිළිමයක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කිරීමට තැත් කිරීමේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී.

වයස අවුරුදු 46 ක පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ පිළිමය වැඩිදුර විමර්ශන සඳහා සිරිපාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment