ඇත් පැටියකු නාච්චාදුව වැව් ඉස්මත්තේදී මියගිහින්

279

තිරප්පනේ පොලිස් බල ප්‍රදේශයේ අංක 534 අලුත්පුංචිකුලම පොලිස් වසමේ නාච්චාදූව වැව් ඉස්මත්තේ දී වයස අවුරුදු 3 – 4 ක් පමණ වූ පුංචි ඇත් පැටියකු 21 වැනිදා සවස මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.

හිරලමඩුව ඇළ හා මල්වතුඔය අතර වූ නාච්චාදූව වැව් රක්ෂිතයේ සැරිසැරූ මෙම ඇත් පැටවා පෙරේදා පස්වරුවේ මියගොස් ඇත. ඊට පෙර දින සිට රෑනෙන් මිදී මෙම ප්‍රදේශයේ මෙම ඇත් පැටවා සැරිසැරූ බව වනජීවී නිලධාරීන් කීය. මියගිය ඇත් පැටියාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (22 දා) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment